ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුලින් ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (08දා) සවස අත්අඩංගුවට ගන්නා ලදී. එම ඖෂධ වංචා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කරන ලද දැනුම් දීමකට අනුව ඔහු ඊයේ පෙරවරුවේ […]

වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත්ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණූ ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. එම ඖෂධහලේ තිබී මත්පෙති දසදහකට (10000) අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත. යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීම හේතුවෙන් මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බොහෝ […]

ජාතික ඖෂධ නියාමන අධිකාරිය දේශිය ඖෂධ සමාගම් සඳහා පමණක් සුවිශේෂී සීමා කිරිම් සිදු කිරීම තුළින් දේශිය නිෂ්පාදන අතුගා දැමීමේ වැඩපිළිවෙලක් දියත් වන්නේදැයි සැකයක් මතුව ඇතැයි පරිපුරක වෛද්‍ය වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. දේශිය ඖෂධ නිෂ්පාදනය සඳහා ව්‍යාජ ලිපි නිකුත් කර ඇති බවට සඳහන් කරන්නේ එම බලමණ්ඩලයද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ වෛද්‍ය සැපයුම් අංශය ජාතික ඖෂධ නියාමනඅධිකාරියේ […]

විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට ලබා නොදීම නිසා ඖෂධ තොග සිර වී ඇති බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කරයි. එම මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වන්නේ ඖෂධ ආනයන සමාගම් දහ […]

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිල දී ගැනීමේ ක්‍රියාවලියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්තගේ ක්‍රියාකලාපය අධිකරණයට සැක සහිත බව මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම ඊයේ (13) අවධාරණය කර තිබේ. එබැවින් මහජනතාවට බාල ඖෂධ ලබාදීමට එරෙහිව යුක්තිය පසිඳලීම සඳහා ඊට වගකිව යුතු සියලු පාර්ශ්ව තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට […]

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි. සෞඛ්‍ය  අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මෙම පත්වීම සිදු කළේය. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මේ වන විට ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ජ්‍යෙෂ්ඨ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි. –

ව්‍යාජ අත්සන් සහ ලේඛන  සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ  තොගයක්  මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන  විමර්ශනයට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙත පැමිණ  පරික්ෂාවට ලක් කර ඇත. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන්  එහි ලේඛණ පරික්ෂා කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බව   ඖෂධ නියාමන අධිකාරියේ  ආරංචි […]

වසර අටක් තිස්සේ ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ ඖෂධ සඳහා වූ මිල සූත්‍රය සකස් කර අවසන් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය පියවර ගෙන ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතේ සඳහන් වන්නේ ආනයනකරු බෙදාහැරීම හා අලෙවිකරු යන පාර්ශ්වවල එකඟතාව මත මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. එහෙත් වසර අටක කාලයක් ක්‍රියාත්මක කිරීමට […]

රේගුව විසින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි ගණනක් වටිනා රූපලාවණ්‍ය ආලේපන සහ විලවුන් වර්ග සහිත බහාලුම් හයක් රේගු ගබඩා තුළ විනාශ වෙමින් පවතින බව අනාවරණය වේ. වෙනත් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රේගුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මෙම රූපලාවණ්‍ය ආලේපන සහ විලවුන් වර්ග මෙරටට ගෙන්වා තිබිණි. මෙම ආලේපන අතරින් විශාල තොගයක් එංගලන්තය […]

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සහ ඖෂධවේදීන් 50කට පමණ ඇමරිකානු ආහාර සහ ඖෂධ නියාමන අධිකාරියේ විශේෂ පුහුණුවක් කොළඹ පදනම් ආයතනයේදී අද (30) පැවැත්විණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමිතියෙන් යුතු ආයතනයක් බවට පත් කිරීම පුහුණුවේ අරමුණයි. අධිකාරියේ සභාපති මහාචාර්ය එස්. ඩී. ජයරත්න පැවසුවේ ඇමරිකානු ඖෂධ හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.