CIDය ඖෂධ නියාමන අධිකාරියට යයි . . .

ව්‍යාජ අත්සන් සහ ලේඛන  සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ඖෂධ  තොගයක්  මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන  විමර්ශනයට අදාලව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද (20) ජාතික ඖෂධ නියාමන අධිකාරියට වෙත පැමිණ  පරික්ෂාවට ලක් කර ඇත.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන්  එහි ලේඛණ පරික්ෂා කරමින් සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගත් බව   ඖෂධ නියාමන අධිකාරියේ  ආරංචි මාර්ග පවසයි.

පැය 2 ට අධික  කාලයක් පුරා  ඔවුන්  එම පරිශ්‍රයේ  රැදී සිටි බවද එම ආරංචි මාර්ග  පවසයි.

මෙම සිද්ධිය  සම්බන්ධයෙන් පසුගියාදා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මාලිගාකන්ද අධිකරණය වෙත  කරුණු වාර්තා කර තිබු අතර, මෙම වංචා සිද්ධියට වගකිවයුතු  පිරිස ලබන  16 වැනි දිනට පෙර අත්අඩංගුවට   අධිකරණ හමුවට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම නියෝග කළාය.

  • ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙක් මාට්ටු . . .

Fri Oct 20 , 2023
ඔබේසේකරපුර රාජගිරිය වජිර මාවතේ පිහිටි නිවසක් තුළ කසිප්පු පෙරීමේ නිරතව සිටි බව කියන කොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන චීන ජාතිකයින් දෙදෙනෙකු වැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කසිප්පු පෙරීමේ උපකරණ කසිප්පු පෙරීමට පදම් කරන ලදගොඩා ලීටර් 250 ක්, කසිප්පු  600ක්සහ කසිප්පු පෙරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x