කසිප්පු පෙරූ චීන ජාතිකයන් දෙදෙනෙක් මාට්ටු . . .

ඔබේසේකරපුර රාජගිරිය වජිර මාවතේ පිහිටි නිවසක් තුළ කසිප්පු පෙරීමේ නිරතව සිටි බව කියන කොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන චීන ජාතිකයින් දෙදෙනෙකු වැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

කසිප්පු පෙරීමේ උපකරණ කසිප්පු පෙරීමට පදම් කරන ලදගොඩා ලීටර් 250 ක්, කසිප්පු  600ක්සහ කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ රැසක් දමෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා 41 සහ 46 හැවිරිදි වියේ පසුවෙති

මෙම සැකකාර චීන ජාතිකයින් දෙදෙනා කොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන අතර මොවුන් කුලී පදනම මත මෙම නිවස ලබාගෙන තිබිණි යැයි පොලිසිය කියයි.

ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.

වැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර චීන ජාතිකයින් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයින් දෙදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.

  • ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පිරිමින්ට උපත් පාලන එන්නතක් . . .

Fri Oct 20 , 2023
ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් එන්නතක් ලෙස ලබාදිය හැකි ලොව ප්‍රථම පිරිමි උපත් පාලන ක්‍රමයේ සායනික අත්හදා බැලීම් සම්පූර්ණ කර තිබේ. එය බරපතල අතුරු ආබාධයක් නොමැතිව ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය. වයස අවුරුදු 25 ත් 40 අතර පුද්ගලයින් 303 දෙනෙකු සම්බන්ධ කර ගෙන මධ්‍යස්ථාන 5කදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x