ලන්ච් ෂීට් භාවිතය මාස 06 කින් තහනම් . . .

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය දා (05) රැස් විය.

පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මේ සඳහා කැඳවා තිබිණී.

මෙහිදී ලන්ච් ෂිට් භාවිතය හේතුවෙන් මෙරට සිදුවන පාරිසරික හානිය මෙන්ම ඒවායේ පවතින ”තැලේට්” නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත.

ඒ අනුව සෙෳඛ්‍යට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වාදීමට මාස 06ක සහන කාලයක් ලබා දී ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබා දෙන ලදි.

ලොව කිසිදු රටක ලන්ච් ෂීට් භාවිත නොවන බව පෙන්වා දුන් පරිසර අමාත්‍යාංශ නිලධාරීන් ලන්ච් ෂීට් භාවිතයෙන් තොරවීමේ වැදගත්කම කාරක සභාවට පෙන්වා දී තිබේ.

පරිසර පනත සංශෝධනය සඳහා දැනට ඉදිරිපත්ව ඇති සංශෝධන කාරක සභාවේදී සලකා බැලූ අතර, පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා විශේෂ කරුණු කිහිපයක්ම යෝජනා කර ඇති බව නිලධාරීන් මෙහිදී සඳහන් කර ඇත.

එමෙන්ම ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සඳහා නැවත එකතු කිරීමේ වගකීම ඒවා නිෂ්පාදනය කර බෙදාහරිනු ලබන්නාටම ලබා දියයුතු බවට කාරක සභාව මෙහිදී යෝජනා වී තිබේ.

ඒ අනුව නව තාක්ෂණයෙන් QR කේත භාවිත කර විවිධ පරිභෝජන අවශ්‍යතා සඳහා බෙදාහරිනු ලබන ප්ලාස්ටික් බෝතල් නැවත එකතු කර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට එක්කරන්නේ ද යන්න සොයා බැලීමට ක්‍රමවේදයක් සකස් කිරීම පනත සංශෝධනය කිරීමෙන් අපේක්ෂා කරන බව නිලධාරීන් පවසා තිබේ

එලෙස ප්‍රතිචක්‍රීකරණය සඳහා එම ප්ලාස්ටික් බෝතල් නැවත ලබාදීම වඩාත් කාර්යක්ෂම කිරීමට නම් හිස් බෝතල්වලට යම් සැළකිය යුතු මුදලක් ලබා දියයුතු බව කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ලංකාවට දැනට ආනයනය කරනු ලබන එක් වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් උපකරණ හා ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා ලැයිස්තු ගතකර කාරක සභාවට මේ සම්බන්ධව වාර්තාවක් ලබාදෙන ලෙසට ද අංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා පැමිණ සිටි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කුරානයට අපහාස බෑ . . .

Fri Dec 8 , 2023
ශුද්ධ වූ කුරානයේ පිටපත් ප්‍රසිද්ධියේ ගිනි තබමින්, ඉස්ලාම් දහමට නිගරු කිරීම වැළැක්වීමට, යුරෝපා රාජ්‍යයක් වන ඩෙන්මාර්කය, නව නීති හඳුන්වා දී තිබේ. මීට මාස කීපයකට පෙර, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි කියමින්, ඩෙන්මාර්කයේ සුදු අන්තවාදී කණ්ඩායම්, ප්‍රසිද්ධියේ කුරානයේ පිටපත් ගිනි තබා විනාශ කළේ, එරට පොලිසිය ඊට ඉඩ දී බලා සිටිද්දීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x