ටියුෂන් පන්ති වල ආදායම සොයයි . . .

පෞද්ගලික පාසල් හා සිසුන් සියයට වැඩි මහාපරිමාණ පෞද්ගලික උපකාරක පන්ති මගින් උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ආරම්භ කිරීමට නියමිත යාන්ත්‍රණය සදහා සම්පුර්ණ සහය ලබා දීමට ග්‍රාම නිලධාරින් සුදානම් වේ.

මෙලෙස උපයන සැබෑ ආදායම සොයා ගැනීම සඳහා ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ.

ඒ අනුව ඊට අවශ්‍ය සියලු සහාය සහ අවශ්‍ය සියලු තොරතුරු ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසීය.

එමෙන්ම මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සදහා ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය බලතල ලබා දෙන ලෙසත් ඒ සඳහා සාධනීය ගෙවීමක් කරන ලෙසත් සභාපතිවරයා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

කෙසේ වෙතත් මෙම ආයතනවලට අමතරව සෞඛ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන, පෞද්ගලික රෝහල්, මිනින්දෝරුවන්, ඉංජිනේරුවන්, නීති ආයතන සහ රූපවාහිනී මෙන්ම ගුවන් විදුලි සේවාවන් සඳහා ද මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන ලෙසත් කාරක සභාව නිර්දේශයේ සඳහන් වෙයි.

මෙම ආයතන මගින් උපයන සැබෑ ආදායම පිළිබඳ නිවැරදි තොරතුරු ලබා ගැනීම අභියෝගාත්මක විය හැකි නමුත් ග්‍රාම නිලධාරීන්ගේ සහය ඇතිව ප්‍රශ්නාවලියක් මගින් එම තොරතුරු ලබා ගැනීමට හැකි බවත් එම කාරක සභාව විසින් පසුගිය පළමුවැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සඳහන්ව ඇත.

මෙම වාර්තාව කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කර තිබුණි.

  • චාමර පල්ලේගෙදර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රන් වැසිකිළිය සොරකම් කරයි . . .

Fri Apr 5 , 2024
දෙවැනි ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ, වින්ස්ටන්ට් චර්චිල් උපත ලැබූ නිවසේ තිබූ, කැරට් 18 වර්ගයේ රත්තරන්වලින් නිර්මාණය කළ, ඇමෙරිකන් ඩොලර් මිලියන 6 කට වඩා වටිනා වැසිකිළි පා්ච්චිය සොරකම් කිරීම සම්බන්ධයෙන් 39 හැවිරිදි ජේම්ස් ෂීම් නමැත්තා වරදකරු විය. රත්තරන් වැසිකිලි පෝච්චියේ සොරකම සිදුවී ඇත්තේ 2019 වසරේදීය. මෙම වැසිකිළි පෝච්චිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x