ශෂී වීරවංශගේ නඩුවකට සිදු වූ දේ . . .

ශෂී වීරවංශට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත මාරු කරන ලෙස අභියාචනාධිකරණය විසින් අද (11) නියම කරනු ලැබුවේය.

අභියාචනාධිකරණය විසින් මෙම නියෝගය දෙනු ලැබුවේ ශෂී වීරවංශ විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ශෂී වීරවංශට එරෙහිව ආගමන හා විගමන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ නඩුවක් පවතින අතර ඇය අසනීප අවස්ථාවකදී මෙම නඩුව විභාගයට ගැනීමට සූදානම් වීම නිසා තම සේවාදායිකාවට අගතියක් වුණු බව ශෂී වීරවාංශ වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි ප්‍රකාශ කරනු ලැබුවේය.

ඔහු ඉල්ලා සිටියේ මෙම නඩුව වෙනත් අධිකරණයකට මාරු කර යවන ලෙසය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ නඩු විභාගයක් කාර්යක්ෂම කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා විසින් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන බවත් ගැටලු සහගත අවස්ථාවන්වල්දී ඊට අදාළ නියෝග නිකුත් කරන ලෙසත්ය.

මෙම සියලු කාරණා සලකා බැලීමෙන් අනතූරුව අභියාචනාධිකරණ විනිසුරු විසින් ශෂී වීරතුංගගේ නඩුව වෙනත් මහේස්ත්‍රාත්වරයකු ඉදිරියට පත් කරන ලෙස දැනුම් දෙනු ලැබුවේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කෝටි ගාණක බඩු රේගුවේ දිය වෙයි . . .

Mon Sep 11 , 2023
රේගුව විසින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි ගණනක් වටිනා රූපලාවණ්‍ය ආලේපන සහ විලවුන් වර්ග සහිත බහාලුම් හයක් රේගු ගබඩා තුළ විනාශ වෙමින් පවතින බව අනාවරණය වේ. වෙනත් භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රේගුවට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර මෙම රූපලාවණ්‍ය ආලේපන සහ විලවුන් වර්ග මෙරටට ගෙන්වා තිබිණි. මෙම ආලේපන අතරින් විශාල තොගයක් එංගලන්තය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x