විශ්වවිද්‍යාල සඳහා අයැදුම්පත් කැඳවීම අද සිට . . .

විශ්වවිද්‍යාල සඳහා අයැදුම්පත් කැඳවීම අද (සැප්. 14) සිට සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයැදුම්පත් යොමුකිරීම සිදුකළ හැකි බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ ය.

www.ugc.ac.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් එම අයැදුම්පත් යොමු කළ හැකි අතර ඔක්තෝබර් 5 දක්වා ඒ සඳහා කාලය ලබා දී ඇත.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 4 වන දා නිකුත් කෙරුණු අතර විභාගය සඳහා අපේක්ෂකයින් 263,933 දෙනෙකු පෙනී සිට තිබිණි.

ඉන් 166,938 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයැදුම් කිරීමට සුදුසුකම් ලබා තිබේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සමනළවැවේ කාන්දු වහන්න කෝටි 10ක වියදමක් . . .

Thu Sep 14 , 2023
සමනළවැව ජලාශයේ ජල කාන්දු වැසීමට රුපියල් කෝටි 10ක පමණ වියදමක් ඇස්තමේන්තු කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. එම වැය වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට යොමුකර ඇති බව ද එම නිලධාරියා කීය. නියඟය හේතුවෙන් සමනළවැව ජලාශය සිදී යෑමත් සමඟ කළ නිරීක්‍ෂණයේදී එම ජලාශයේ ජල කාන්දු වන ස්ථාන 7 ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x