ෂාරුක්ට මරණ තර්ජන . . .

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන එල්ල වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් ඔහුගේ ආරක්ෂාව වැඩිකිරීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර ඇතැයි සදහන් වේ.

ඒ අනුව මුම්බායි පොලිසිය විසින් ෂාරුක් ඛාන්ට Y+ ආරක්ෂක ආවරණයක් ලබා දී ඇත. Y+ ආරක්ෂක ආවරණයට අනුව, කමාන්ඩෝ භටයින් 6 දෙනෙකු, පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සහ රථවාහන නිෂ්කාශන රථයක් ඇතුළුව ආරක්ෂකයින් 11 දෙනෙකු ඔහුට හිමිවනු ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මීට පෙර මෙම ජනප්‍රිය නළුවා සමඟ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්ද පැමිණ සිටියහ.

තමාගේ “පතාන්” සහ “ජවාන්” යන චිත්‍රපට තිරගත වීමෙන් පසු මෙලෙස මරණ තර්ජන ඇමතුම් ලැබුණු බවට ෂාරුක් මහරාශ්ට්‍ර බලධාරීන්ට ප්‍රකාශ කර ඇත.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භූ කම්පන තුනකින් ඇෆ්ගනිස්තානයේ ගම් පිටින් වැළලෙයි . . .

Tue Oct 10 , 2023
බටහිර ඇෆ්ගනිස්තානයේ ඉරාන දේශසීමාව අසල පිහිටි හෙරත් නුවර පෙරේදා පැය බාගයක් ඇතුළත සිදු වූ භූ කම්පන මාලාවකින් මිය ගිය පිරිස දෙදහස ඉක්මවා ඇතැයි තලේබාන් රජය නිවේදනය කළේය. එය දශක දෙකකට පසු එරට සිදු වූ විනාශකාරිතම භූ කම්පන ලෙස සැලකෙන අතර, මරණ ගණන තවත් ඉහළ යනු ඇතැයිද වාර්තා වේ. මිය ගිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x