ලොව උසම සුනකයා දිවියට සමුදෙයි . . .

ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත. සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු වූ අතර අස්ථි පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නේය.

ශල්‍ය කර්මයේදී සියුස් ගේ ඉදිරිපස දකුණු කකුල ඉවත් කර ඇති අතර ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් සියුස් මිය ගොස් ඇත. මියයන විට සියුස්ගේ වයස අවුරුදු තුනක් බවත් ලබන නොවැම්බර් මාසයේ හතරවැනි උපන්දිනය සැමරීමට සියුස් සූදානමින් සිටි බවත් ස්කයි නිව්ස් පුවත් සේවය පෙන්වා දී තිබේ.සියුස් ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව 2022 වසරේ හිමිකරගෙන තිබේ.සියුස් ගේ උස අඩි 3 යි අඟල් 5.18 කි.

ටෙක්සාස් ප්‍රාන්තයේ බෙඩ්ෆෝර්ඩ් නගරයේ තම අයිතිකාරිනිය වූ බ්‍රිට්නි ඩේවිස් සමඟ ජීවත් වූ සියුස් ඇයගේ උකුලේම අවසන් හුස්ම හෙලූ බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කර ඇත.

  • විමුක්ති එස් රුද්‍රිගු
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දරුවෝ 80%ක් පිටරටට . . .

Sat Sep 16 , 2023
ශ්‍රී ලංකාවේ ජීවත් වන වයස අවුරුදු 18ත් 25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25ත් 36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව විද්‍යාත්මක සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. මේ සමග රටේ අනාගත වැඩිහිටි ප්‍රජාවට හුදෙකලාව ජීවත්වීමට සිදුවීමේ ප්‍රවණතාවක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයෝ පවසති. කැලණිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x