97 අත්තම්මා පශ්චාත් උපාධිය ගනී . . .

කැලණිය විශ්ව විද්‍යාලයේ පාළි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය මගින් මෙවර පැවැත් වූ බෞද්ධ අධ්‍යයන ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු අනූහතක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න මාතාව සමත්ව ඇත.

ඇය මෙම විශ්ව විද්‍යාලයේ වයසින් වැඩිම ශිෂ්‍යාවද විය.

විෂයන් 7 කින් සමන්විත මෙම ශාස්තපති උපාධිය සඳහා ඇය පාලි නිකාය ගත බෞද්ධ චින්තනය -විග්‍රහය හා විවරණය, බෞද්ධ කලා හා ගෘහ නිර්මාණ 11 (ශ්‍රී ලංකාව) බෞද්ධ මනෝ චිකිත්සාව, බෞද්ධ ආර්ථික දර්ශනය, ථෙරවාදී සම්ප්‍රදාය- ඉතිහාසය හා ධර්ම කරුණු ,බෞද්ධ ආචාර ධර්මය -සංකල්ප හා දාර්ශනික අර්ථකථනය, පර්යේෂණ ක්‍රමවේදය හා විස්තාරිතාවරණනය යන විෂයයන්ගෙන් පෙනී සිට ඇත.

ඇය මෙහි නිබන්ධනය වූ විස්තාරිත රචනා පර්යේෂණ මාතෘකාව ලෙස ඇම්බැක්ක දේවාලයේ ලී කැටයම් තුළින් පිළිබිඹු වන අතීත ජීවන රටාව පිළිබඳ විමර්ශන ලිපියක් ද සම්පාදනය කර තිබුණි.

ඇස්ලින් ධර්මරත්න මාතාව වයස අවුරුදු 94 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය මඟින් පැවැත්වූ ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිට එයද සමත්ව ඇත.

මෙලෙස ප්‍රාචීන ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන විභාගය සමත් වූ ඇය ගැහැනු දරුවන් 6 දෙනකු ම බලා ගනිමින් ජීවිතයටද මුහුණ දෙමින් මෙම විභාග සමත්ව තිබුණි.

නොතාරිස් වෘත්තීයෙන් ජීවිතය අරඹා ඇති අය 1952 වසරේ දී එම විභාගයෙන් ලංකාවෙන්ම පළමුවැනියා ලෙස සමත් වූ එකම කාන්තාව ද විය.

  • සුරංග රාජනායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩයනාගේ ඇඳුමකට ඉහල ලන්සුවක් . . .

Fri Sep 15 , 2023
ඩයනා කුමරියගේ සීත කබායක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලකට අලෙවි වී තිබෙනවා. එලෙස අලෙවි වී ඇත්තේ ඩයනා කුමරිය විසින් භාවිත කළ සංකේතාත්මක රතු පැහැ සීත කබායක්. එහි සුදු පැහැ බැටළුවන් සිටින අතර එක් බැටළුවෙක් පමණක් කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබෙනවා. එබැවින් එම සීත කබාය ප්‍රසිද්ධියට පත්ව තිබුණේ “Black […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x