පලස්තිනුවන්ට සහාය දැක්වූ මීයා කලීෆාට වැඩ වරදී . . .

ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලයට නිගරු කළ මීයා කලීෆා ට සිය රැකියාව අහිමි වී ඇත. මීයා කලීෆා යනු අසැබි නිළියක ලෙස කලක් ප්‍රසිද්ධව සිටි තැනැත්තියකි.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඊශ්‍රායලය පෙරළා හමාස් පාලන යටතේ පවතින ගාසා තීරයට පහර දෙද්දී, මීයා සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දක්වමින් පලස්තීනයට සහාය පළ කිරීමට පටන් ගත්තාය.

‘මීයා කලීෆාගේ සහාය පලස්තීනයට’ යනුවෙන් පුවත් මැවීමට ඇගේ එම අදහස් දැක්වීම් හේතුවක් වී තිබුණි.

මීයා, ටොජ් ෂැපිරෝ නමැති ගුවන් විදුලි නිවේදකයා සමඟ ව්‍යාපාර කටයුතුවල නියැලී සිටි අතර, මියාගේ අදහස් දැක්වීම් සම්බන්ධයෙන් ඇය ගැන අප්‍රසාදය පළ කළ ටොජ් ෂැපිරෝ ඇයව සේවයෙන් නෙරපා දැමූ බව විදෙස් මාධ්‍ය පවසා ඇත.

30 හැවිරිදි මීයා කලීෆා ලෙබනන්-ඇමෙරිකන් තරුණියකි.

මීයා උපත ලබා ඇත්තේ ලෙබනනයේ බීරූට් නුවරය. ඇය අසැබි නිළියක් ලෙස ජනප්‍රිය වූයේ 2014 වසරේදීය. ඒ, ඇමෙරිකාවට යෑමෙන් පසුවය.

  • හින්දුස්ථානී ටයිම්ස්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හර්ෂ ද සිල්වා බිලියන 80ක බදු ජාවාරමක් පසුපස . . .

Wed Oct 11 , 2023
වෘත්තිකයින්ට සහ සාමාන්‍ය මහජනතාවට රට එපාවන තරමට බදු බර පටවද්දී මත්පැන් බෝතල්වල ස්ටිකර් ඇලවීම ජාවාරමක් කරගත් සංවිධානාත්මක පිරිසක් වසරකට රුපියල් බිලියන 80 කට ආසන්න බදු වංචා කරන බවට දැවැන්ත චෝදනාවක් එල්ලවී තිබෙන බවත් මෙම වංචාකරුවන්ට ගැලවී යාමට ඉඩ ලබා නොදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කරයි. කොළඹදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x