නුවරඑලියේ විශේෂ වෛරස් මර්ධන එන්නතක් . . .

නුවරඑළිය මහ නගර සභා සිමාවේ පිහිටි සියළුම ආපනශාලා සහ ආහාර පාන නිෂ්පාදනය කරන ආයතන වල සේවය කරන සේවක සේවිකාවන්ට ටයිපොයිඩ් එන්නත ලබාදීම නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකය විසින් (01) දින සිට සතියක් පුරාවට සිදු කරන බව නුවරඑළිය මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් පැවසිය.

එළඹෙන අප්‍රේල් මස පැවැත්විමට නියමිත වසන්ත සැණකෙළිය වෙනුවෙන් දෙස් විදෙස් සංචාරකයන් ලක්ෂ ගණනින් නුවරඑළිය නගරයට පැමිණෙන බැවින් ඔහුන් සියලු දෙනාගේ ආහාර පරිභෝජනයේ ආරක්ෂාව උදෙසා ආහාර පාන අනුභවයෙන් සිදු වන ආසාදනයන් වැළැක්වීම සහ ආහාරපාන මගින් බෝවන ටයිපොයිඩ් උණ ආසාදනය නොවීමට පෙර සූදානමක් වශයෙන් මෙම එන්නත ලබා දීමට කටයුතු කරන බවයි ප්‍රධාන නාගාරික සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

මෙම එන්නත නුවරඑළිය නගර සීමාව තුළ පිහිටි සියළුම ආපනශාලා  , ආහාර නිෂ්පාදන ආයතන , රාජ්‍ය හා පෞද්ගලික අංශයේ  නිවාඩු නිකේතන වල සේවය කරන සේවක සේවිකාවන් සහ ආහාරපාන පිළිගන්වන්නන් හට මෙම එන්නට ලබාදීමට සැලසුම් කර ඇත.

‍මෙම සතිය තුලදි එන්නත ලබා ගැනීමට නොහැකි වන අය නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය ඒකකයට වෙත පැමිණ එන්නත් ලබා ගැනීමට අවස්ථාව සලසා දි ඇති බව නුවරඑළිය  මහ නගර සභාවේ ප්‍රධාන නාගරික සෞඛ්‍ය පරීක්ෂක කිත්සිරි හේරත් වැඩිදුරටත් පැවසීය.

  • රංජිත් රාජපක්ෂ

 

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පිටිදුවේ හිමි නිකායෙන් නෙරපන්නැයි කියති . . .

Mon Mar 4 , 2024
මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික හා ආගමික වශයෙන් විශාල හානියක් සිදුකරන පිටිදුවේ සිරිධම්ම හිමියන් මල්වතු පාර්ශ්වයේ සාමාජිකත්වයෙන් නෙරපන ලෙස මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමි ඇතුළු පහතරට භික්ෂූන් වහන්සේලා මල්වතු පාර්ශ්වයේ මහා නාහිමිගෙන් ඉල්ලීමක් කර ඇත. ඤාණිස්සර හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා කීපනමක් ඊයේ (3 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x