වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩුකෙරේ . . .

විදුලි ගාස්තුව 21.9 % කින් අඩු කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම ඊයේ (04) ප්‍රකාශ කළේය.

ඒකක 30ට අඩු විදුලි පාරිභෝගිකයින් සඳහා දැනට ඒකකයක් සඳහා අයකරන රුපියල් 12ක ප්‍රමාණය රුපියල් 8ක් දක්වා අඩුකරන බව මහජන උපයෝගීතා කොමිසමේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසීය.

එය 33.3 %ක අඩුවීමක් බව ඔහු සඳහන් කළේය.

ඒකක 31ත් 60ත් අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 20 %කින් පහළ දැමීමට කටයුතු කර ඇති බවද සඳහන්ය.

එසේම ඒකක 60ත් 90ත අතර විදුලි පාරිභෝගිකයින් සඳහා විදුලි ගාස්තුව 30 %කින් පහළ දැමීමට කටයුතු කර තිබේ.

එම විදුලි ගාස්තුව අඩු කිරීම අද මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වේ.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි . . .

Tue Mar 5 , 2024
කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (05) පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න වෙත භාරදී තිබේ. ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 44 දෙනෙකුගේ අත්සන් ලැබී ඇතැයි ද වාර්තා වේ. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x