ක්ෂය රෝගීන් වැඩි වෙලා . . .

මෙවර ක්ෂය රෝගීන් සියයට 14 කින් ඉහළ ගොස් ඇති බව ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන අනාවරණය කරයි.

මේ අනුව පෙනහළුගත ක්ෂය රෝගීන්ගේ වර්ධනයක් පවතින බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ‌වෛදය නිසායා කාදර් ප්‍රකාශ කළේය.

මේ වසරේ ක්ෂය රෝග මර්දන සහ ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන මෙම මස 29 දින කොළඹදී පැවැත්වීමට නියමිතයි.

මෙවර ජාතික වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාවාසීන් දැනුවත් කිරීම සහ 2035 වර්ෂය වනවිට ක්ෂය රෝගීන්ගේ මරණ සංඛ්‍යාව සියයට 95 ක් දක්වා අඩු කිරීමට මෙන්ම ජනගහනයෙන් 100,000කට ක්ෂය රෝගීන් 10 ක් දක්වා අඩු කිරීමට අපේක්ෂිතයි.

ජාතික දිනය වෙනුවෙන් පළාත් , දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ප්‍රජා මට්ටමින් රෝග නිවාරණ සහ ප්‍රතිකාර වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සැලසුම් කොට ඇත.

  • තිලිනි මධුෂානි
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

යෝධ මාළුවෙක් මහනුවර වැවේ . . .

Thu Mar 14 , 2024
මාංශ භක්ෂක ඇලිගේටර් ගා (Alligator Gar) නැමැති අඩි 09ක් පමණ දිගට රාත්තල් 300ක් පමණ බරක් දක්වා වැඩෙන ආක්‍රමණික මත්ස්‍ය විශේෂය මහනුවර වැවේ ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් මතුව තිබේ. මේ හේතුවෙන් වැව ආශ්‍රිත පරිසර කලාපයේ ජෛව විවිධත්වයට දැඩි තර්ජනයක් එල්ල වී ඇත. මසුන් පමණක් නොව කුරුල්ලන් පවා ආහාරයට ගන්නා මෙම මත්ස්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x