යකඩ පෙනහලු මිනිසා මියයයි . . .

තනිවම හුස්ම ගැනීමට නොහැකි වී, වසර ගණනක් ලෝහ සිලින්ඩරයක් තුළ ජීවත් වූ ඇමෙරිකන් ජාතික පෝල් ඇලෙක්සැන්ඩර් අවසන් සුසුම් හෙලුවේය.

මියයනවිට ඇලෙක්සැන්ඩර්ගේ වයස අවුරුදු 78 කි.

පෝල් ඇලෙක්සැන්ඩර් ට තනිවම හුස්ම ගැනීමට නොහැකි වූයේ පෝලියෝ රෝගියකු වීමෙනි. ඇලෙක්සැන්ඩර් ට පෝලියෝ ආසාදනය වූයේ 1952 වසරේදීය.

තනිවම හුස්ම ගැනීමට නොහැකි වුණු බැවින්, වෛද්‍යවරු ඔහු ලෝහ සිලින්ඩර කුටියකට යොමු කළේය. එම අවස්ථාවේදී පවා වෛද්‍යවරුන් කියා සිටියේ, පෝල් වැඩි කලක් ජීවත් නොවනු ඇති බවය.

වෛද්‍යවරුන්ට අභියෝගයක් වෙමින් පෝල් දශක ගණනක් ජීවත් විය. පෝලියෝ තුරන් කිරීමට එන්නතක් නිර්මාණය වූයේ 1950 දශකයේය.

ලෝහ සිලින්ඩරාකාර කුටියකට යොමු කිරීමෙන් පසු මියයනතුරු ඇලෙක්සැන්ඩර් සිටියේ එම කුටියේය. ‘ද මෑන් ඉන් ද අයන් ලංග්’ යන නමින් ද පෝල් ඇලෙක්සැන්ඩර් හැඳින්විය.

ජීවිත කාලය පුරා අතපය සෙලවීමක් නොමැතිව මුහුණ පමණක් පිටතට පෙනෙන ලෙස ජීවත් වූ පෝල් ඇලෙක්සැන්ඩර් නීතිය හදාරා උපාධියක් ද හිමිකර ගත්තේය.

  • බීබීසී
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආනයනික බිත්තරවල ජාවාරමක් . . .

Fri Mar 15 , 2024
ඉන්දියාවෙන් ආනයනය කරන බිත්තරවල මුද්‍රා කර තිබෙන සලකුණු මකා දමා ඒවා වැඩි මිලට වෙළෙඳපොළේ විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී තිබේ. රජය විසින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර ලංකා සතොස ශාඛා ජාලය ඔස්සේ එක බිත්තරයක් රුපියල් 43 බැගින් පාරිභෝගික ජනතාවට අලෙවි කෙරේ. මෙම බිත්තරවල නිෂ්පාදිත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x