අනවසර සංක්‍රමණිකයින් 60 දෙනෙක් මරුට . . .

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ සංක්‍රමණිකයින් රැගත් ඩිංගි යාත්‍රාවක සිටි පුද්ගලයින් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම වාර්තාවල දැක්වෙන්නේ, එහි සිටි සංක්‍රමණිකයින්ගෙන් 25 දෙනෙකු SOS Méditerranée නමැති මානුෂීය කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන Ocean Viking නෞකාව මගින් මුදා ගෙන ඇති බව ය.

මෙම අනවසර සංක්‍රමණිකයින් රැගත් ඩිංගි යාත්‍රාව පසුගිය සිකුරාදා දින මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කිරීම ආරම්භ කර තිබිණි.

එම අවස්ථාවේ ලිබියාවේ සිට යුරෝපය බලා ගමන කරමින් සිටියදී මෙම යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වී ඇත.

දිවිගලවා ගත් පුද්ගලයන් සඳහන් කර ඇත්තේ, මිය ගිය පිරිස අතර කාන්තාවන් සහ දරුවෙකු සිටි ඇති බව ය.

එම පිරිස දියේ ගිලීමෙන් නොව විජලනයෙන් සහ කුසගින්න හේතුවෙන් මිය ගොස් ඇති බවට විශ්වාස කරන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.

SOS Méditerranée නමැති මානුෂීය කණ්ඩායම සහ ඉතාලි සහන කණ්ඩායම සමග එක්ව මෙම ඩිංගි යාත්‍රාවේ සිටි දිවි ගලවා ගත් පිරිස හට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර තිබේ.

ඔවුන් සඳහන් කර ඇත්තේ, දිවි ගලවා පුද්ගලයන් 25 දෙනා “ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයකින්” පසුවන බව ත් ඔවුන් අතරින් 2 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ත් ය.

මධ්‍යධරණී මුහුද යනු, අනවසර සංක්‍රමණිකයින් ගමන් කරන ලොව වඩාත් ම භයානක මුහුදු මාර්ගය ලෙස සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය පවසයි.

  • Anjali Withanage
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොව විශාලම බ්ලූබෙරි ගෙඩිය හමුවෙයි . . .

Fri Mar 15 , 2024
ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවේ ගොවිපළකින් හමු වී තිබෙයි. මෙම බ්ලූබෙරි ගෙඩිය සෙන්ටිමීටර 4 කට ආසන්න පළලකින් යුක්ත වන අතර බර ග්‍රෑම් 20.4ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමෙන්ම මෙය සාමාන්‍ය බ්ලූබෙරි ගෙඩියක් මෙන් 10 ගුණයකින් විශාල බවයි සඳහන් වෙයි. මේ වන විට මෙය අධිශීතකරණයක තැන්පත් කර ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x