විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ රට හැරයති . . .

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවන් 159 ක් වසර දෙකක කාලයක් තුළ විදේශගතව ඇති බවත් ඉන් ඉංජිනේරුවන් 105 ක් සේවයෙන් ඉවත්ව ද, තවත් 54 ක් නිල නිවාඩු ලබා ද, විදේශගත ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ අද (15) පැවසීය.

එම මණ්ඩලයේ සේවය කළ පළපුරුදු සහ ඉතාමත් සංකීර්ණ රාජකාරිවල නිරතවූ ඉංජිනේරුවන් තව දුරටත් සේවයෙන් ඉවත්වුවහොත් ලංවිම දැඩි අර්බුදතාකාරී තත්වයකට පත්වන බව කී පරාක්‍රමසිංහ රට තුළ පවතින ආර්ථික පසුබෑම සහ ඉහළ බදු මෙම තත්වයට ප්‍රධාන හේතුව බව ද සඳහන් කළේය.

නිවාඩු ලබා විදේශගතව සිටින ඉංජිනේරුවන්ගේ වැඩි සංඛ්‍යාවක් විවිධ රටවල්වල ස්ථිර පදිංචි බලපත්‍රය ගැනීම සඳහා ගොස් ඇති බව දැනගන්නට ඇති බවත් ඒ හේතුවෙන් ඔවුන් නැවත සේවයට පැමිණෙයි යැයි විශ්වාස කළ නොහැකි බවත්

විදේශවල අලුත් ඉංජිනේරුවෙක්ට මාසකට ඩොලර් 4,000 ක පමණ වැටුපක් ලැබෙන බවත් පළපුරුදු ඉංජිනේරුවෙක්ට ඇතම් රටවලදී මසකට ඩොලර් 6,000 ත් 8,000 ත් අතර වැටුපත් ලැබිය හැකි බවත් පැවසීය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හම්බන්තොට රොහලේ වැඩකටයුතුවලට බාධා . . .

Fri Mar 15 , 2024
හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ සේවය කළ වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරිය කිසිදු නීත්‍යානුකූල දැනුම්දීමකින් තොරව පෙරේදා (13 වැනිදා) හදිසියේ විදෙස්ගත වීම හේතුවෙන් රෝහලේ වැඩකටයුතුවලට බාධා සිදුව තිබේ. මෙම වෛද්‍යවරිය ඉකුත් 12 වැනිදා සිට 16 වැනිදා දක්වා අනියම් නිවාඩු අනුමත කරවාගෙන සිට ඇති අතර ඇය 13 වැනිදා විදෙස්ගත වී ඇති බව වාර්තා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x