සිසුවෙකුට පහරදුන් හිටපු මන්ත්‍රී පළායයි . . .

පාසල් සිසුවෙකුට පහරදුන් දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ පාසල් සිසුවාගේ මව චෝදනා කරන්නේ පහරකෑමට ලක්වු තම පුත්‍රයා දින පහක් තිස්සේ රෝහල්ගතකර සිටිමුත් සැකකාර මන්ත්‍රීවරයා මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවටය.

පසුගිය 11 වනදා පාසල නිමවී සිය නිවස වෙත යමින් සිටියදී සැකකාර හිටපු මන්ත්‍රීවරයා බාඳුරාගොඩ නගරයේදී සිසුවාට පහරදී ඇත.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකි.

පොලීසිය පවසන්නේ පහරදීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

තර්ජන නැති ප්‍රභූන්ගේ රැකවලුන් ළඟදීම ඉවතට

Sun Mar 17 , 2024
ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්   ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්වල ප්‍රභූවරුන්  සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කඩිනමින්  ඉදිරිපත් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් රාජ්‍ය බුද්ධි සේවයට  පසුගිය සතියේදී දැනුම්දී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ ටිරාන් අලස් පැවසුවේ දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අනවශ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x