ඇමරිකාවට ගිය බන්දුලව යළි ශ්‍රී ලංකාවට ගෙන්වයි . . .

තමන් පසුගිය 17 වෙනිදා ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවර 2024 වර්ෂය වෙනුවෙන් ලෝක බැංකුව විසින් ජාත්‍යන්තර සමුළුවකට සහභාගී වීම සදහා ගොස් සිටි බවත් , තමන් වොෂින්ටන් නුවර ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස විට තමා හමුවට පැමිණි එරට ශ්‍රී ලංකා තානාපතිවරයා , කතානායකවරයාට එරෙහිව පවතින විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබා දීම සදහා වහාම ආපසු ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ලෙස ජනාධිපතිවරයා විසින් දැනුම් දීමක් සිදු කර තිබීම නිසා තමන් මෙසේ ආපසු පැමිණි බව ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන ඊයේ (20) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය.

තමන් සහභාගී වීමට තිබූ සමුළුවට සහභාගී වීම සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වෙත බලතල පවරා මෙසේ තමන් ආපසු පැමිණි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා වන කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වී ඇති බවත් , එතුමා පසුගිය ජන අරගල අවස්ථාවේ තීරණාත්මක වගකීමක් ඉටු කළ පුද්ගලයෙකු බවත් , රට එම අවස්ථාවේ වෙනත් දිශානතියකට , මහත් විනාශයකට යාමෙන් වළකා , එතුමා දූරදර්ශීව රටත් , පාර්ලිමේන්තුවත් බේරා ගැනීමට පරිනත දේශපාලනඥයෙකු වශයෙන් , පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් එතුමා ඉටු කළ සේවය අගය කර , කෘතවේදිත්වයේ ජන්දය ලබා දීම සදහා තමන් ඇතුළු රජයේ වගකීම වී ඇති බව ද අමාත්‍ය බන්ධුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍ය බන්ධුල ගුණවර්ධන ඊයේ (20) පස්වරු 6.15 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

  • ටී.කේ.ජී.කපිල – කටුනායක
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බැසිල් හිරවෙයි . . .

Thu Mar 21 , 2024
රටක මුදල් අමාත්‍ය ධුරය දැරිම සඳහා ඇති සුදුසුකම් කුමක්දැයි හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගෙන් හිරු රූපවාහිනියේ ‘සලකුණ’ වැඩසටහනේදී විමසීය. නමුත් ඔහු ඊට සෘජු පිළිතුරක් නොදී කියා සිට්‍ියේ අධ්‍යාපන සුදුසුකම් බලා එම තනතුරුවට පත් කිරීම සුදුසු බවයි. තමන් මුදල් අමාත්‍ය ධුරය භාර ගත්තේ එම තනතුරට තමන් සුදුසු නිසා බවද පැවසූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x