ලන්ච් ෂීට් පුත්තලමේදී විනාශ කරයි . . .

මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව සිදුකල වැටලිම් වලදි අත් අඩංගුට ගැනුන පොලිතින් වලින් නිශ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට්) කිලෝ 5377 ක් අධිකරණ නියෝගයෙන් පුත්තලම සිමේන්ති නිශ්පාදන කර්මාන්ත ශාලාවේ අධි දහන උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී.

ජාතික පාරිසරික පනත යටතේ තහනම් මෙම ආහාර දවටන කිලෝ 5377 ප්‍රමානය කොළඹ, කැස්බෑව, ගම්පහ, කඩුවෙල,  කුරුණෑගල ප්‍රදේශ වලදි මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය ආරක්ෂක අංශ වල සහාය ලබා ගනිමින් අත් අඩංගුවට ගෙන තිබු බව කියයි.

මෙසේ අත් අඩංගුවට ගත් ආහාර දවටන තොගයෙ දල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට ආසන්න බව වැටලීමට එක්වු නිළධාරීන් පවසති.

අදාල ආහාර දවටන සදහා වැටලිම් කල අදාල කලාප අයත් අධිකරණ සිමා වල නඩු 12 ක් පැවරීම සිදුකර එම අධිකරණ තින්දු මත මෙසේ පුත්තලම සිමේන්ති සමාගම් භුමියට රැගෙන ඒමෙන් පසු කපා කුඩා කැබලි කර ඉන්පසු  අධි දහන උදුනේ දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී.

  • හිරාන් ප්‍රියංකර ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කසල තේ උඩුනුවරින් අල්ලයි . . .

Thu Mar 21 , 2024
අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ නීති විරෝධී කසල තේ ගබඩා හතරක් වැටලු ගම්පොළ විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඒවායෙහි තිබූ කසළ තේ කිලෝ  දහතුන්දභස් දෙසිය දාහතක් සමග හිමිකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. උඩුනුවර ලීමගහ ප්‍රදේශයේදී මෙම ගබඩා හතර පරික්ෂාවට ලක් කර තිබු අතර මෙම ප්‍රදේශය ප්‍රසිද්ධව ඇත්තේ කසල තේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x