කුවේටයේ වීසා නොමැති ශ්‍රී ලාංකිකයන්ට පොදු සමා කාලයක් . . .

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාළය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථාන වලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට, දඩ ගෙවීමකින් සහ නීතිමය බාධා වලින් තොරව එරටින් පිට වී යාම සදහා පොදු සමා කාළයක් කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් – අහමඩ් අල් – ජාබර් මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇති බව කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය .

මෙම පොදු සමා කාළය ඉකුත් 17 දින සිට එළඹෙන  අප්‍රෙල් 17 දක්වා  ක්‍රියාත්මක වීමට නියමිතය .

කුවේට් රාජ්‍යය තුළ දැනට  වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 19,620 ක් පමණ සිටින බව නිල වාර්තා අනුව තමන්ට සනාථ වී ඇති බවත් , ඒ අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පිටත්ව  යාම සදහා ශ්‍රී ලාංකිකයන් 5,000 ක පමණ පිරිසක් තම තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව ද ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය .

මෙම පොදු සමා කාළයෙන් බැහැරව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුවහොත් ඔවුන් අත් අඩංගුවට ගෙන ඇගිලි සළකුණු ලබා ගෙන , යළි කුවේට් රාජ්‍යය වෙත පිවිසීමට නොහැකි වන පරිදි රුපියල් 650,000 ක දඩ මුදලක් ද අය කර පිටුවහල් කිරීම සිදු කරනු ලබයි .

එහෙත් මෙම පොදු සමා කාළය තුළ කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී එරටින් පිට වීමට කටයුතු කළහොත් මෙම දඩ මුදල් ගෙවීම හෝ අනෙකුත් නීතිමය ක්‍රියාමාර්ග වෙත අනුගත වීම අවශ්‍ය නොවේ.

  • ටී.කේ.ජී.කපිල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩොලරය බහින්නේ ආර්ථිකය හැකිලෙන නිසා . . .

Mon Mar 25 , 2024
ඩොලරයේ අගය කඩා වැටෙන්නේ ආණ්ඩුව මෙරට ආර්ථිකය සවිමත් කරන නිසා නොව මෙරට ආර්ථිකය හැකිලෙමින් තිබෙන නිසා බවත් මෙය අහිතකර තත්වයක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි. ඔහු මේ බව සදහන් කරසිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x