පරාටේ නීතිය අත්හිටුවීමෙන් වෙන දේ . . .

පරාටේ නීතිය අත්හිටුවීමෙන් බැංකුවලින් ණයදීම තවදුරටත් අදිමදි කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (26 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

බැංකු පවත්වාගෙන යනු ලබන්නේ තැන්පත්කරුවන්ගෙන් මුදල් ලබාගෙන ඒවා ණයට ලබාදීමෙන් බව ද ඔහු පැවසීය.

“ණය දීපු ඒවා අයකර ගැනීමට බාධාවක් ඇත්නම් කුඩා සහ මධ්‍ය පරිමාණ අයට බැංකු විසින් ණය දීමේදී පරිස්සම් වෙනවා. මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා ගැනීමේදී අපහසුතා උද්ගත වෙනවා. පරාටේ නීතිය රජය විසින් පනවා ඇත්තේ මාස හයක් වැනි කෙටි කාලයකටයි. මේ සම්බන්ධයෙන් නොසලකා අඩු පොලියට ණය දෙන්න කියලා බැංකුවලට දැනුම්දී තිබෙනවා’’ යැයි ද මහ බැංකු අධිපතිවරයා පැවසීය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපතිවරණය ඔක්තෝබර් මුල් සතියේ . . .

Tue Mar 26 , 2024
ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ ව්‍යවස්ථානුකූලව පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්දී ඇත. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ජනපතිවරයා මේ බව කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවය. එසේම ජනාධිපතිවරයා විසින් පසුගියදා පත්කරනු ලැබූ සිය දේශපාලන කැබිනට්ටුවටද එය දැනුම් දී ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය. aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x