ලංගමට පාඩු කරන්නේ හොර කොන්දොස්තරලා . . .

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ ආදායම් අඩුවීමට ප්‍රධානම හේතුව කොන්දොස්තරවරුන් සොරකම් කිරීම යැයි ලංකා ගමනා මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසීය.

කොන්දොස්තරවරුන් මගීන්ගෙන් මුදල් අයකර ගෙන ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරීම වැඩි වශයෙන් සිදුවන බවත්, ඒ බව කරන ලද විමර්ශනවලදී තහවුරු වී ඇති බවත් සභාපතිවරයා කීවේය.

මණ්ඩලය විසින් ජංගම පරීක්ෂකවරුන් යොදවා වැටලීම් කරන දිනවලදී ලංගම ආදායම රුපියල් ලක්ෂ ගණනින් වැඩි වන බවත්, අනෙක් දිනවලදී ආදායම ලක්ෂ ගණනින් පහත වැටෙන බවත් කී සභාපතිවරයා ලංගම ආදායම් අහිමි වීමට ප්‍රධානම හේතුව කොන්දොස්තරවරුන්ගේ ක්‍රියාකලාපය බවට එමගින්ම තහවුරු වී ඇති බවත් සඳහන් කළේය.

මේ අනුව සියලුම පළාත් ප්‍රාදේශීක කළමනාකරුවන්ටත්, ඩිපෝ අධිකාරීවරුන් හා ඩිපෝ කළමනාකරුවන්ටත් ජංගම පරීක්ෂා කිරීම් වැඩි වශයෙන් සිදුකර ලංගම ආදායම් ඉහළ දැමීමටත් වංචා කරන කොන්දොස්තරවරුන් හසුකර ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් දී තිබෙන බවද සභාපතිවරයා කීවේය.

මේ අතර ප්‍රවේශපත්‍ර නොමැතිව ලංගම බස්රථවල ගමන් කරන පුද්ගලයන් සඳහා දැනට ක්‍රියාත්මක රුපියල් දෙසීය පනහක දඩය රුපියල් තුන්දහසක් දක්වා වැඩි කරන බවත්, ඒ අනුව ඉදිරියේදී හසුවන පුද්ගලයන්ට රුපියල් තුන්දහසක දඩ මුදලක් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ඩිපෝ 107ක් මගින් බස් රථ හාරදහස් හත්සියයක සංඛ්‍යාවක් දිවයින පුරා ධාවනය වේ.

  • එෆ්. අස්ලම්
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පෘථිවි භ්‍රමණ වේගය වැඩි වෙයි . . .

Thu Mar 28 , 2024
ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග ධ්‍රැවීය අයිස් තට්ටු වේගයෙන් දියවෙමින් පවතී. ඝන අයිස් දියවීමත් සමග පෘථිවියේ හරයේ සිදුවන වෙනස්කම් හේතුවෙන් පෘථිවි භ්‍රමණ වේගය ඉහළ ගොස් එමගින් පෘථිවියේ වේලාව වෙනස් කරන බව වාර්තා වෙයි. මේ අනුව විද්‍යාඥයින් දැනටමත් පුරෝකථනය කරන්නේ තවත් වසර කිහිපයකින් පෘථිවියේ කාලය දිනකට තත්ත්පරය බැගින් අඩු වන බවය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x