‘ඕෆ් රෝඩ්’ මෝටර් රථ ධාවන තරගාවලිය . . .

අවිස්සාවේල්ල තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේදී පවත්වන ලද ‘තල්දූව හිල් ක්ලයිම්බ් 4×4’ ධාවන තරගාවලියේ ප්‍රධානතම ඉසව්ව වූ එක්ස්ට්‍රීම් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට දමිත් නිසංක සහ රවිඳු ධනංජය පසුගියදා සමත් වූහ.

ශ්‍රී ලංකාවේ ‘ඕෆ් රෝඩ්’ මෝටර් රථ ධාවන ක්‍රීඩාවේ ප්‍රමුඛතම සමාජයක් වන ‘ද ස්කෝපියන්’ සමාජය මගින් සංවිධානය කළ මෙම තරගාවලිය මෑතකදී ඉදිකිරීම් නිමා කරන ලද තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේ පවත්වන ලද පළමු තරගාවලියද වීම විශේෂත්වයකි.

මාර්තු 23 සහ 24 දෙදින පුරා පැවැති තරගාවලියේ එක්ස්ට්‍රීම්, ස්ටෑන්ඩර්ඩ්, ස්ටෑන්ඩර්ඩ් මොඩිෆයිඩ් සහ ඒ.ටී.වී. යන කාණ්ඩ 4 යටතේ තරග පැවැත්විණි. තරගාවලියේ කාණ්ඩ 4 සඳහා තරගකරුවන් 45ක් සහභාගී වූ අතර 8 දෙනකු තරග වැදුණු එක්ස්ට්‍රීම් කාණ්ඩයේ දෙවන ස්ථානය වජිර දම්රන් සමගින් සම්පත් රණසිංහ දිනාගත් අතර තෙවන ස්ථානය චමින්ද සහ හසිත ප්‍රනාන්දු දිනා ගත්හ. ‘ද ස්කෝපියන්’ සමාජය සංවිධානය කරන මීළඟ තරගාවලිය තල්දූව ‘හෝස් හිල්’ ධාවන පථයේදීම අගෝස්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව එහි වත්මන් සභාපති පවර සජීව මාරසිංහ ‘අරුණ’ට අදහස් දක්වමින් සඳහන් කළේය.

  •  නදුන්ක නෙත්සර, ඡායාරූප – ලලිත් පෙරේරා
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

පාස්කු දේව මෙහෙයට ගිය බසය පෙරළී 45ක් මරුට . . .

Fri Mar 29 , 2024
දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ. ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බස් රථයේ වේගය පාලනය කරගත […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x