පළමුවරට සවුදි තරුණියක් විශ්ව රූ රැජන තරගයට . . .

ඉතිහාසයේ පළමුවරට සවුදි අරාබියේ තරුණියක් විශ්ව රූ රැජන තරගයට ඉදිරිපත් වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන සැප්තැම්බර් මස 18 වැනිදා මෙක්සිකෝවේ පැවැත්වීමට නියමිත 2024 විශ්ව රූ රැජන තරගයට සහභාගි වීමට අවස්ථාව ලැබී ඇත්තේ සවුදි අරාබියේ රියාද් නුවර උපන් 27 හැවිරිදි රූමි අල්කාතානි නමැති තරුණියක් බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ඇය මැදපෙරදිග රටකින් විශ්ව රූ රැජන තරගයට සහභාගි වන දෙවැනි තරුණිය ලෙසත් වාර්තාපොතට එක්වූවාය. මීට පෙර පසුගිය වසරේ බහරේන් රාජ්‍යයේ 19 හැවිරිදි ලුජානි යාකුබ් එල්සැල්වදෝර්හි පැවැති විශ්ව රූ රැජන තරගයට එක්වෙමින් එම වාර්තාව තැබුවාය.

ඇය මීට පෙර සවුදි අරාබි රූ රැජන, මැදපෙරදිග රූ රැජන, අරාබි ලොව රෑ රැජන සහ සවුදි අරාබියේ රූමත් කාන්තාව ලෙස ජයග්‍රහණ රැසක් අත්කර ගත් බව ද වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

IMF ඉවර වෙන තුරු මැතිවරණ බෑ‍ . . .

Sat Mar 30 , 2024
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු අවසන් වන තෙක් කිසිදු මැතිවරණයක් පැවැත්වීමට අවස්ථාවක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇමති මණ්ඩලය හා මැතිවරණ කොමිසම දැනුම්වත් කර තිබේ. රට ආර්ථික වශයෙන්  ඉදිරියට යාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එක්ව කරන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් බැවින් ප්‍රමුඛතාවය දිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x