පාස්කු දේව මෙහෙයට ගිය බසය පෙරළී 45ක් මරුට . . .

දකුණු අප්‍රිකාවේ පාස්කු දේවමෙහෙයක් සඳහා සහභාගීවීමේ අරමුණින් ගමන් කරමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් තිබේ.

ඊසාන දිග ලිම්පෝපෝ කලාපයේ මොරියා නගරයේ පැවැත්වෙන දේවමෙහෙය සඳහා සහභාගීවීමට අදාළ පිරිස ගැබරොන් සිට ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයේ වේගය පාලනය කරගත නොහැකිව පාලමකින් ඉවතට පැන මීටර් 50ක පමණ ප්‍රපාතයකට ඇදවැටී අනතුර සිදුව ඇත.

එම අනතුරින් 8 හැවිරිදි දැරියක් පමණක් දිවි බේරාගෙන ඇති අතර ඇය බරපතළ තුවාල ලබා ඇති බව වාර්තා වේ. ඇයව ගුවන් මගින් රෝහල වෙත ගොන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බස් රථය ඇද වැටීමෙන් පසු ගිනිගෙන ඇති බවයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

HIV ආසාදිතයින්ගේ වැඩිවීමක් . . .

Fri Mar 29 , 2024
පසුගිය වසරට සාපේක්ෂව මෙරට තුළ HIV ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වන බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ පවසයි. ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අවුරුදු 20ත් 30ත් අතර වයස් කණ්ඩයේ පසුවන පිරිස් ඊට ගොදුරු වීමේ අවදානම ඉහළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x