ගුද මාර්ගයට කම්පෙෂර් බටයක් ඇල්ලීමෙන් තරුණයෙක් මියයයි . . .

මාබිම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක අලුත්වැඩියා අංශයේ සේවකයකුගේ ගුද මාර්ගයට විහිළුවට හුළං බටයක් (කම්පෙෂර් බටයක්) ඇල්ලීමෙන් ඔහුගේ බඩවැල් පිපිරී මියයාමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

සපුගස්කන්ද පොලිසිය සඳහන් කළේ, මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පානදුර, අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක් බවයි.

පසුගිය 25 වනදා ආයතනයේ සේවකයන් දෙදෙනෙකු විසින් විහිළුවට මෙම තරුණයාගේ ගුද මාර්ගයට කම්පෙෂර් බටයක් අල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ ඔහුගේ උදරයට හුළං පිරී අසාධ්‍ය තත්ත්වයෙන් එම තරුණයා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව ද වාර්තාවේ.

සපුගස්කන්ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ, එලෙස රෝහල් ගතකළ එම තරුණයා එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28) රාත්‍රියේ මියගොස් ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ සැකකාර සේවකයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙක් බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකාර සේවකයින් දෙදෙනා පසුගිය 26 වනදා මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

  • Aruna

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Google අලුත්ම විශේෂාංගයක් හදුන්වා දෙයි . . .

Sat Mar 30 , 2024
Google Photos විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දී තිබෙන බව වාර්තා වනවා. ඒ, ඡායාරූප බෙදාගැනීම පහසුකිරීමේ අරමුණින් බවයි පැවසෙන්නේ. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, මෙම Favorite Shortcut එක හරහා ඡායාරූප බෙදාගැනීමේ ප්‍රියතම පුද්ගලයා තෝරාගත හැකි බවයි. එලෙස සිදු කිරීමෙන් ඔවුන් සමඟ උසස් තත්ත්වයේ ඡායාරූප බෙදා ගැනීම පහසු වීම ද විශේෂත්වයක්. මෙම විශේෂංගය තුළින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x