වැහිකබාවලත් පිළිකා අවදානමක් . . .

ඇතැම් වැහි කබා තුළ මිනිස් හෝමෝනවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපාන රසායනික වර්ග අන්තර්ගත බවත්, මෙම රසායනික ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වකුගඩු පිළිකා, වෘෂණ පිළිකා, තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග, ගර්භණී භාවය සම්බන්ධ අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇතිවන බව පරිසර යුක්ති කේන්ද්‍රය අනතුරු අඟවයි.

ස්ථීර කාබනික දූෂක පොලිෆ්ලුරොඇල්කයිල්, මෙතිල්පැරබින්, පොපිල්පැරබින්, අයිසොප්‍රොපිල්පැරබින්, බියුටයිල්පැරබින්, අයිපෙන්ටයිල්පැරබින් හා පැරබීන් යනාදී රසායනික වර්ග මේවා තුළ අන්තර්ගත බව පර්යේෂණවලින් අනාවරණයවී තිබේ.

මෙම රසායනික ද්‍රව්‍ය රුධිරය හා මව්කිරි හරහා මවගෙන් දරුවාට සම්ප්‍රේෂණය වීමේ ඉඩකඩ වැඩි බවත් පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරයි.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ අයිපෙන් (IPEN) ආයතනය සමග එක්ව කරන ලද පර්යේෂණයේදී, ජල විකර්ශක රෙදිවලින් සකස් කරන ලද ඒප්‍රන, වැහි කබා ආදී ඇඳුම් සාම්පල හයක් චෙක් ජනරජයේ චාල්ස් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පරිසර අධ්‍යයන අංශයට යොමු කිරීමෙන් පසු අනාවරණය කරගෙන ඇත්තේ ෆ්ලුරොඩකනොයික් ඇසිඩ් (PDFA) නමැති රසායනිකය ඒප්‍රනයක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.7ක් සහ වැහි කබාවක නැනෝග්‍රෑමයට ග්‍රෑම් 2.6ක් යන මට්ටම්වලින් අන්තර්ගත බවය. විදෙස් රටවලින් මෙරටට රැගෙන එන රෙදිපිළිවල මෙම රසායනික වැඩි වශයෙන් අන්තර්ගතවන බවද අනාවරණය වේ.

පරිසර යුක්ති කේන්ද්‍රයේ, ව්‍යාපෘති සැලසුම් කිරීම් සහ කළමනාකරණ නිලධාරී චලනි රූබසිංහ කියා සිටියේ මෙම නිෂ්පාදනවලින් ලබාගත් සාම්පල 6න් එකක් ‘පැරබීන්වලින් තොර’ ලෙස ව්‍යාජ ලෙස සඳහන් කර තිබූ බවය.

මහජන සෞඛ්‍යයට සහ පරිසරය මෙම රසායනික ද්‍රව්‍යවලින් සිදුවන හානිකර බලපෑම්වලින් ආරක්ෂා කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් ඉල්ලා සිටින බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක දිලෙන පාත්‍රාගොඩ පැවසීය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ප‍්‍රබල මාලිමාවියක් මරුට . . .

Tue Apr 2 , 2024
නාන කාම­රයේ වැටී සිටි­යදී තුවාල වී ඇතැයි කිය­මින් මහ­නු­වර රෝහ­ලට ඇතු­ළත් කළ ජාතික ජන­බ­ල­වේ­ගයේ තෙල්දෙ­ණිය කාන්තා බල­ම­ණ්ඩ­ලයේ ප්‍රබල ක්‍රියා­කා­රි­නි­යක වන අමිලා විමානි කොඩි­තු­වක්කු නැමැ­ත්ති­යගේ මර­ණය ඝාත­න­යක් බව හෙළි වේ. මෙම ඝාත­න­යට ඇයගේ අනි­යම් සැමියා යැයි කියන ද්විත්ව පුර­වැ­සි­යකු විසින් සිදු කර ඇතැයි සැක­ක­රන අතර ඔහු මේ වන විට රක්ෂිත බන්ධ­නා­ගාර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x