ශ්‍රීලන්කන්ට තවත් යානා හතරක් . . .

පාඩු ලබමින් තිබෙන ශ්‍රීලන්කන් ගුවන් සමාගම සඳහා අමෙරිකන් ඩොලර් ලක්ෂ 7කට අධික මාසික වාරිකයක් ගෙවමින් තවත් ගුවන් යානා හතරක් කල්බදු ක්‍රමයට ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

මේ යානා හතරෙන් දෙකක් වසර 6ක කාලසීමාවක් සඳහා මාසිකව අමෙරිකානු ඩොලර් 360,000ක බදු කුලියකට ද අනෙක් යානා දෙක වසර 8ක බදු කාල සීමාවකට මාසිකව අමෙරිකානු ඩොලර් 365,000 බදු කුලියකට ද ගැනීමට නියමිත යැයි අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ (අප්‍රේල් 2) පැවසීය.

ORIX Aviation හා Aergo Capital Limited යන සමාගම්වලින් මෙම මිල දී ගැනීම් කිරීමට නියමිත ය.

පුළුල් බඳ සහිත ගුවන්යානා පහක අවශ්‍යතාවක් තිබී එයින් ගුවන්යානා හතරක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණේ යැයි ද ඇමතිවරයා කීවේය.

කෙසේ වෙතත් මෙසේ මිල දී ගන්නා ගුවන් යානාවල විශාලත්වය ගැන කැබිනට්ටුව දැනුවත් නැතැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී ඇමතිවරයා පැවැසීය. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත.

තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව මීට අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම සිදුකෙරෙන්නේ යැයි ද ඇමැති ගුණවර්ධන පැවසීය.

මෙහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න හා ඇමතිවරයා ඊට දුන් පිළිතුරු මෙසේ ය.

ප්‍රශ්නය: ශ්‍රීලන්කන් ගුවන් සමාගම ගන්න යානා 4 සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් සඳහන් කර නෑ. මේවා මොන වර්ගයේ ගුවන් යානා ද?

පිළිතුර: පත්‍රිකාවේ තිබෙන්නේ එකිනෙකට වෙනස් සමාගම් දෙකකින් ගන්නවා කියලා.

ප්‍රශ්නය: බෝයිං ද? එයාබස් ද?

පිළිතුර: මම කියන්නම් නිමල් ඇමතිතුමාට පැහැදිලි කිරීමක් කරන්න කියලා.

ප්‍රශ්නය: ශ්‍රීලන්කන් ගුවන් සමාගම විකුණන්න ටෙන්ඩර් කැදව්වත් කිසි කෙනෙක් ආවේ නෑ. එවැනි පසුබිමක නැවත ගුවන්යානා ගන්නවා. මේවාට ලීසිං වාරික ගෙවන්න කැමති වෙයි ද?

පිළිතුර: ගන්න පුද්ගලයා එයාර්ලංකා සමාගමනෙ. මේකත් ඒ වගේ. මේ කිව්වට පහසුවෙන් මේවා විකුණන්න බෑ. ආයෝජන උපදෙස් අරන් එන්නේ. පිනට ආයෝජනය කරන්නේ නෑනේ. එතකන් මේවා පවත්වාගෙන යන්න ඕනෑ. නැත්තන් සංචාරක ව්‍යාපාරයට හා ඒවායේ වැඩකරන දහස් ගණනකගේ රස්සාවලට බලපානවා. අවුරුදු කීපයකට කුලී පදනම මත යානා ගන්න හදන්නේ ක්‍රමවේදයක් ඇතිව.

  • Bingun Menaka Gamage
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

වයස්ගතම පිරිමියා මිය යයි . . .

Wed Apr 3 , 2024
ලොව වයස්ගතම පිරිමියා ලෙස ගිනස් වාර්තා අතරට එක්ව සිටි වෙනිසියුලානු ජාතික යුවාන් වින්සෙන්ට් පෙරේස් මෝරා 114 වන වියේ පසුවෙමින් සිටියදී ජිවිතයෙන් සමුගෙන ඇති බව එරට ජනාධිපති ‘නිකලස් මදුරෝ’ සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සඳහන් කර තිබේ. ඊයේ රාත්‍රියේ ඔහු මිය ගොස් ඇත. ඔහු ගිනස් වාර්තා අතරට එක්වන විට මුණුබුරන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x