විදෙස් සේවා විභාගයේ නාමලේඛනය කොමිසමට . . .

පසුගිය වසරේ පැවති තරග විභාගයේ ප්‍රතිඵල මත විදේශ සේවයට බඳවා ගැනීමට නියමිතව සිටි හතළිස් දෙනාගේම නාමලේඛනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ලබා ගෙන තිබේ.

මෙම හතළිස් දෙනාගෙන් විසි දෙනකුගේ නාමලේඛනය ලබා දෙන ලෙසට රාජ්‍ය සේවා කොමිෂන් සභාව මින් පෙර වාචිකව කළ ඉල්ලීමක් විභාග දෙපාර්තමේන්තුවෙන් ප්‍රතික්ෂේප කර තිබිණි. දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණේ එම ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙස ය. කොමිෂන් සභාව හතළිස් දෙනාගේම නාමලේඛනය ලබාදෙන ලෙස දැනුම් දී තිබුණේ ඉන් පසුවය.

විසි දෙනකුගේ ප්‍රතිඵල පමණක් ලබා දීම දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇත්තේ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ හතළිස් දෙනෙක් බඳවා ගැනීමට හෙයිනි.

හතළිස් දෙනෙක් බඳවා ගැනීම සඳහා ගෙන තිබූ තීරණය වෙනස් කර දේශපාලන හෝ වෙනත් හිතවත්කම් මත විසි දෙනෙක් බඳවා ගැනීමට සූදානමක් පවතින බවට අයදුම්කරුවෝ ද සැකපළ කළහ. ඔවුන් කියා සිටියේ ගැසට් නිවේදනය අනුව සුදුස්සන් බඳවා නොගන්නේ නම් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවය.

  • නිලන්ත මදුරාවල
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

හරක් කටාට උදව් කළ බුද්ධි ප්‍රධානියා . . .

Fri Apr 12 , 2024
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල නායකයකු වන හරක් කටා නොහොත් නඳුන් චින්තක සමග සබඳතා පැවැත්වූ බුද්ධි ප්‍රධානියකු ගැන විශේෂ විමර්ශනයක් අරඹා ඇත. හරක් කටා ඩුබායි සිටියදී දුරකථන සබඳතා පැවැත්වූ පුද්ගලයන් ගැන කෙරෙන විමර්ශනයේදී මෙම බුද්ධි ප්‍රධානියා ගැන හෙළි වී ඇත. පොලිසියේ නිලධාරීන් දහනව දෙනෙකු හරක් කටා සමග සබඳතා පවත්වා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x