අලුත් ඡන්ද හිමියන්ගේ නම් ලැයිස්තුව ප්‍රදර්ශනයට . . .

මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අලුතින් එක් වන නම් ඇතුළත් ලැයිස්තුව මැයි 06 වැනිදා දක්වා ඒ ඒ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කාර්යාල ඇතුළු ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල/මැතිවරණ කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතනවලද මෙම ලැයිස්තුව ප්‍රදර්ශනය කෙරේ.

ඉකුත් වසරේ (2023) වලංගු නාමලේඛනයෙන් ඉවත්වන නම් ඇතුළත් ලැයිස්තුවද මෙම ස්ථානවල ප්‍රදර්ශනය කෙරේ.

කිසියම් පුද්ගලයකුගේ නම මේ වසරේ ලියාපදිංචියට නිර්දේශ වී නොමැතිනම් ඊට අදාළ හිමිකම් ඉල්ලීම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඉදිරිපත් කිරීමට හැකි බවත්,ඊට අදාළ ආකෘති මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි . . .

Thu Apr 18 , 2024
මුහුණු ආවරණය කර අත් ආවරණ පැළද නිවස බිදුම් කරන බාලවයස්කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. සැකකරුවන් කහතුඩුව අවට පදිංචි වයස අවුරුදු 13 ත් 18 ත් අතර පසුවන අතර පාසල් යන දරුවන් ද සිටින බවත් පොලීසිය පැවසීය. නිවෙස්වලින් සොරාගත් ලැප්ටොප් පරිගණක, පිත්තල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x