වන අලි ටෙලිකොම් කනු බිම හෙලයි . . .

වව්නියාව සෙට්ටිකුලම් මන්නාරම් ප්‍රධාන මාර්ගයේ පරයානංකුලම් ප්‍රදේශයේ ඇද තිබූ විදුලි සංදේශ රැහැන් කණු වලට වනඅලි රංචුවක් විසින් හානි කොට බිම හෙලීම හේතුවෙන් (18) ප්‍රදේශ කිහිපයකට විදුලි සංදේශ සේවාව ඇණහිට ඇතැයි වාර්ථා වෙයි.

පරයානංකුලම් පොලිස් ස්ථානය ආසන්නයේ සිට කිලෝමීටර් දෙදකට අධික දුර ප්‍රමාණයක් පිහිටි විදුලි සංදේශ රැහැන් ඇද තිබූ කණු 16 ක් මෙලෙස වනඅලින් විසින් බිම හෙලා තිබීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ඒම සේවාව අහිමිව තිබුණි.

වන අලි හානිය පිළිබඳව පොලීසිය විසින් විදුලි සංදේශ වව්නියාව කාර්යාලයට දැනුම් දීමෙන් පසුව අද දින අදාල හානියට පත් කනු ඉවත් කොට නැවත් අලුතින් කනු දමා යථා තත්වයට පත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතියි.

කෙසේ වෙතත් මීට පෙරද මෙලෙසින් වනඅලින් විසින් විදුලි රැහන් කනු වලට මෙන්ම විදුලි සංදේශ කනුවලටද හානි කොට තිබීම විශේෂත්වයක් වෙයි.

  • වන්නි රොමේෂ් මධූෂංඛ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඝාතකයා ඇප ප්‍රතික්ෂේප කරයි . . .

Fri Apr 19 , 2024
කැනඩාවේ ඔටාවා නගරයේදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයා මේ අවස්ථාවේ ඇප ඉල්ලීමට බලාපොරොත්තු නොවන බව ඔහුගේ නීතිඥයා පවසයි. 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ව පසුගිය මාර්තු මුලදී අත්අඩංගුවට ගත් අතර ඔහුට එරෙහිව මිනී මැරුම් චෝදනා 6ක් සහ මිනි මැරීමට තැත් කිරීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x