යුරෝපයට යන ගුවන් මාර්ග වෙනස් කරයි . . .

යුරෝපා ගමනාන්ත සඳහා පවතින ගුවන් ගමන් මාර්ග මේ වන විට වෙනස් කරමින් පවතින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවසුවේ ඊශ්‍රායලය සහ ඉරානය අතර මේ වන විට පවතින තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක පියවරක් ලෙස එම ගුවන් මාර්ග වෙනස් කිරීමට සිදු වන බවයි.

ඒ අනුව යුරෝපයට පියාසර කරන වේලාවන් දීර්ඝ කර ඇති බව සඳහන්ය.

එම තත්ත්වය හේතුවෙන් ගුවන් යානා සඳහා අමතර ඉන්ධන අවශ්‍ය වන අතර එයට පිළියමක් ලෙස ගුවන් යානයේ රැගෙන යා හැකි බර ප්‍රමාණය අඩු කිරීමට කටයුතු යොදනු ඇත.

මේ අතර ලන්ඩන් බලා පියාසර කරන ගුවන් යානා නියමිත වේලාවට පැයකට පෙර ගමන් ආරම්භ කිරීමට නියමිතය.

මේ හේතුවෙන් ලන්ඩන් බලා ගමන් ගන්නා මගීන් ගුවන් තොටුපොළට කල්වේලා ඇතිව පැමිණිය යුතු බව ශ්‍රී ලංකන් ගුවන් සේවය දන්වා ඇත.

  • dinamina

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ත‍්‍රිවිල් මීටරය අනිවාර්ය කරයි . . .

Sun Apr 21 , 2024
ජංගම දුරකථන ආධාරයෙන් ගාස්තු අය කරන ත්‍රිරෝද රථවලට එරෙහිවලට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ එළඹෙන ජූලි 01 වැනිදා සිට මෙම නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවයි. මගී ප්‍රවාහනයේ යෙදෙන ත‍්‍රිරෝද රථවල ඇතුලත ඉහළ වම් කෙළවරේ ගාස්තු සඳහන් මීටරයක් මගියාට දර්ශනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x