විදෙස් රැකියා ජාවාරමක් පොලිස් දැලට . . .

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ වෙනත් යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි සඳලංකාව ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

සැකකරු පන්නල ප්‍රදේශයේ මෙම ව්‍යාජ විදේශ රැකියා ආයතනය පවත්වාගෙන යනු ලබන අතර කාන්තාවකගෙන් සහ පිරිමි පුද්ගලයෙකුගෙන් කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා ගැනීමට බඩල්ගම නගරයට පැමිණි අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ඔහුගේ නිවසේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක් පමණ සොයාගෙන ඇති බව සඳහන්ය.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රොෂාන් රණසිංහ ජනාධිපතිවරණයට . . .

Tue Apr 23 , 2024
මීළඟ ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ ද අපේක්ෂකයෙකු ලෙස තරග වදින බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහන් කරයි. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සඳහාද තම පක්‍ෂයේ අපේක්ෂකයන් දිස්ත්‍රික විසි දෙකකට ඉදිරිපත් කරන බවද එම පක්ෂයේ නායක රුවන් මලින්ද කියා සිටියි. දූෂණයට නාස්තියට විරුද්ධ මැති ඇමතුම රැසක් ඉදිරියේදී තම පක්‍ෂයට එකතු වන බවද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x