කැණීමට නොහැකි එප්පාවල පොස්පේට් නිධිය . . .

එප්පාවල නගරය පිහිටා තිබෙන ප්‍රදේශයේ පමණක් මෙට්‍රික් ටොන් මිලියන පහළොවකට අධික ප්‍රමාණයක් රොක්පොස්පේට් නිධියක් ඇතත්, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය එම කලාපය නිසි ගවේෂණය නොකිරීම නිසා එකී පොස්පේට් තොගය කැණීමට නොහැකි වී ඇතැයි අනාවරණය වී ඇත.

රොක් පොස්පේට් ලෝකයේ දුර්ලභ ඛනිජ විශේෂයක් වන අතර, රොක් පොස්පේට් තුළ කැඩ්මියම් වැනි බැර ලෝහ අන්තර්ගතව ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයක් බවද පර්‌යේෂණ වලින්ද තහවුරුවී තිබේ.

රොක් පොස්පේට් නිධියේ උතුරු කොටස ජය ගඟ ආශ්‍රිත කලාපයේ පිහිටා ඇති අතර, දකුණු කොටසට අයත් වන්නේ එප්පාවල නගරය ඇතුළු ඒ ආශ්‍රිත කලාපයයි.

1976 වසරේදී එප්පාවල පොස්පේට් නිධිය සම්බන්ධයෙන් කරන ලද සමීක්ෂණ වාර්තාවන්හි සඳහන්ව ඇත්තේ මෙම නිධියේ දකුණු කලාපයේ එනම් නගරය ආශ්‍රිතව රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් මිලියන පහළොවක් ඇති බවය.

නමුත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2022 වසරේ නිකුත් කරන ලද වාර්තාවක සඳහන්කර ඇත්තේ දකුණු කලාපයේ ඇත්තේ මෙට්‍රික් ටොන් මිලියන හතක් පමණක් බවය.

කෙසේ නමුත්, එප්පාවල රොක් පොස්පේට් නිධිය සම්බන්ධයෙන් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මෙතෙක් නිසි ගවේෂණයක් සිදුකර නැතැයිද එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම නිධියේ තිබෙන පොස්පේට් ඛනිජ ප්‍රමාණය කොතෙක්දැයි ගවේෂණය කරන ලෙස 2000 වසරේදී අධිකරණ තීන්දුවකින්ද නියෝග ලබාදී තිබියදීත්, ඒ සම්බන්ධව කාර්යාංශය නිසි අවධානයක් යොමුකර නැතැයිද අනාවරණය වේ.

එප්පාවල නගරය ආශ්‍රිතව රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් පහළොවකට අධික නිධියක් තිබියදී එහි නගරයක් ස්ථාපිත නොකර නගරය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමටද කාර්යාංශය අපොහොසත්වී තිබේ.

මෙරට ඛනිජ සම්පත් ගවේෂණය කිරීමේ සම්පූර්ණ බලය හිමිවී ඇත්තේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටය.

එසේ තිබියදීත් මෙම පොස්පේට් නිධියේ පොස්පේට් අපනයනය කිරීම සඳහා කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මෙරට ප්‍රධාන කැබිනට් ඇමැතිවරයකුගේ හිතවතෙකුට ලබාදී ඇතැයි ද අනාවරණය වේ.

එමෙන් ම, ලෝක වෙළෙඳ පොළේ රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 300 කට වැඩි මුදලකට අලෙවි කෙරෙද්දී, එප්පාවල රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් එකක් අලෙවි කරනු ලබන්නේ ඇමරිකානු ඩොලර් 138 කටය.

  • Gagana

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජීවන කඩුල්ල බේරාගත් ගයි විටෝල් . . .

Sun Apr 28 , 2024
ඉංග්‍රීසි බසින් ‘ගයි’ යනු පිරිමියාය. ඉංග්‍රීසි මව්බස වූ ඇංග්ලෝ සැක්සන් සම්ප්‍රදායට අනුවනම් සැබෑ පිරිමියෙක් කියන්නේ අවධානමට ලැදි පුද්ගලයෙක්ටය. අද අප කතානායක ගයි විටෝල් ඇංග්ලෝ සැක්සන් සංස්කෘතියට අනුව නම් සැබෑ පිරිමියෙකි. ගයි විටෝල් යන නම 90 දශකයේ සහ 2000 දශකයේ ක්‍රිකට් බැලූවන්ට හුරු නමක් වූවත් ගයි වඩාත් ජනප්‍රියවූයේ ක්‍රිකට්වලින් පසු කීවාටද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x