සමලිංගික පනත පාර්ලිමේන්තුවට . . .

සමලිංගිකත්වය නීතිගත කිරීම සඳහා වන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය සඳහන් කරයි.

ඒ අනුව එම පනතට විරෝධය දැක්වීම හා ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට එම සම්මේලන යටතේ ඇති ජාතික උපදේශක සභාව තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පවත්වා ඇත.

ඊට සහභාගි වූ අස්ගිරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී හිමියෝ සඳහන් කලේ මෙම සූදානම සම්බන්ධයෙන් සමූහයක් ලෙස එකතු වී ජනාධිපතිවරයාට විරෝධය පළ කළ යුතු බවය.

ඒ සඳහා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රමුඛ බෞද්ධ සංවිධාන හා මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය එක් විය යුතු බවත් උන්වහන්සේ පැවසූහ.

  •  lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ක්‍රිකට් ක්‍රීඩක ගාස්තු ඉහළ නංවයි . . .

Sun May 5 , 2024
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් සියයට 100 කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණ කර තිබේ. නව තරග ගාස්තුව එක් එක් ක්‍රීඩකයාගේ වාර්ෂික කොන්ත්‍රාත්තුව මත පදනම්ව ඉහළ නැංවන බවත් එම ගාස්තු ඉහළ දැමීමත සමඟ ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩකයෙක්ට අමෙරිකානු ඩොලර් 15,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 44 කට ආසන්න […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x