ෆේස්බුක් මඩට එරෙහිව හමුදාපති උසාවි යයි . . .

තමාට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පළකරමින් සිදුකරන අපහාස වළක්වන ලෙස ඉල්ලා යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ විසින් පෞද්ගලික නඩුවක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (7 වැනිදා) පවරනු ලැබීය.

2024 අංක 29 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වැනි වගන්තිය ප්‍රකාරව යුද හමුදාපතිවරයා මෙම පුද්ගලික නඩුව නීතිඥ එම්. කේ. එම්. හර්ෂාන් මාර්ගයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ පැමිණිලිකරු ලෙසින් නම් කර ඉදිරිපත් කර තිබෙන මෙම පුද්ගලික නඩුවේ වගඋත්තරකරුවන් ලෙස විතාරණගේ තුෂාර සාලිය රණවක නොහොත් මිචෙල් රණවක ඇතුළු පිරිසක් සහ අන්තර්ජාල යූ ටියුබ් සහ ගූගල් හිමි ඇමරිකාවේ ආයතන නම් කර තිබිණි.

අදාළ පුද්ගලික නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවේ සලකා බැලීමට නියමිතය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බණ්ඩාරවෙල බස් ධාවනය නවතී . . .

Wed May 8 , 2024
ලංගම හා පෞද්ගලික බස් රියැදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ සියලු බස්රථ ධාවනයෙන් ඉවත්ව තිබේ. බණ්ඩාරවල ඩිපෝව පැවසුවේ ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු මෙම ගැටුම ඇති වූ බවයි. ගැටුමෙන් පසු දෙපාර්ශවයේම කොන්දොස්තරවරු හා රියදුරුවරු ඇතුළු හතර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x