කාන්තාවකගේ කෝටි 13ක දේපල රාජසන්තකයි . . .

ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ පදිංචි කාරියකගේ මිලියන 130 වැඩි දේපළ තහනම් කිරීමට පියවර ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම දේපළ උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ දේපළ තහනම් කර තිබේ.

මිලියන 120ක් වටිනා සිව්මහල් ගොඩනැගිල්ලක් සහ ඉඩමක් ඒ අතර පවතින බව පොලිසිය පවසයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකෙරෙන යුක්තිය මෙහෙයුම යටතේ මෙම දේපළ පොලිස් භාරයට ගෙන තිබේ.

එම දේපළ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසයි.

  • නාගොඩ සුමන උදයන්ත
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

අධික උෂ්ණත්වයෙන් යාපනයේ 4 ක් මිය යයි . . .

Fri May 10 , 2024
ගෙවුනු සතියක කාලයක් තුලදී යාපනය දිස්ත්‍රීක්කයට බලපෑ අධික උෂ්ණත්වය හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකර ලැබූ රෝගීන් සිව් දෙනෙකුට තාප ආගාතය බලපෑම හේතුවෙන් මිය ගොස් ඇතැයි ඒම රෝහලේ විශේෂ වෛද්‍යවරුන් පෙන්වා දෙයි. පවතින අධික උෂ්ණත්වයෙන් ජනතාව ආරක්ෂා විය යුතු ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් යාපනය ශික්ෂණ රේහලේදී පැවති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x