කොළඹ පුරපති පුටුව ගැටලුවක . . .

සමගි ජනබලවේගයේ කොළඹ මැතිවරණ කොට්ඨාසයේ පුරපති අපේක්ෂක ලෙස සිටි මුජිබර් රහුමාන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තෝරාපත් කරගැනීම හේතුවෙන්, පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයේ පුරපති අපේක්ෂක ධූරය සම්බන්ධයෙන් ගැටලු තත්ත්වයක් උද්ගතව තිබේ.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ ගේ මන්ත්‍රි ධුරය අහෝසිවීම හේතුවෙන් හිස්වූ අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් සුදුසු බවට එම පක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට දන්වා ඇති අතර ඒ අනුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස තෝරා පත්කර ගන්නා බවට මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයද නිකුත් කර තිබේ.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේදී එම පක්ෂයේ කොළඹ පුරපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා සිය මන්ත්‍රි ධුරයෙන් ඉකුත් 2023 වසරේ ජනවාරි මාසයේදී ඉවත් වූවේය.

පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට අදාළව මුජිබර් රහුමාන් අපේක්ෂකයකු වූවද, ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කිරීම නිසා පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකත්වයට නුසුදුස්සකු වන බවත්, ඔහු වෙනුවට වෙනත් අයකුගේ නමක් අපේක්ෂක ලැයිස්තුවට ඇතුළත් කිරීමට නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාව කියයි.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන්ගේ නම කොළඹ මැතිවරණ කොට්ඨාශයේ සමගි  ජනබලවේගයේ අපේක්ෂක ලැයිස්තුවේ පවතින බැවින් මැතිවරණය පවත්වන දිනකදී ඔහුට සභිකයකු ලෙස පත්වීමට අදාළව මනාප ලැබුණද, ඒ වෙනුවට වෙනත් සභිකයකු පත් කිරීමටද නොහැකිය.

  • සාලිය කුමාර ගුණසේකර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සජිත්ට දුරකතනය අහිමිවේ . . .

Sat May 11 , 2024
සමගි ජන බලවේග පක්ෂයේ බලය ලබාගැනීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ ස්වාමිපුරුෂයා වන සේනක ද සිල්වා සඳහන් කරයි. දුරකථනය ලකුණෙන් ඉදිරි මැතිවරණ වලට තරඟ කිරීමට කිසිදු අවස්ථාවක් සජිත් ප්‍රේමදාස ට ලබා නොදෙන බවත් ඊට වුවමනා කරන නීතිමය කටයුතු කරමින් සිදු කරමින් සිටින බවත් හෙතෙම සඳහන් පැවසීය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x