නකල්ස් කැලේ ෆේස්බුක් සාදය . . .

නකල්ස් රක්ෂිතයේ අනවසරයෙන් ගිනිමැල පත්තුකරමින් කූඩාරම් ගසාගෙන සිටි තරුණියන් 05 දෙනෙකු සහ තරුණයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හුන්නස්ගිරිය අඩවි වන නිලධාරී කාර්යාලය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් බණ්ඩාරවෙල, කොළඹ, බදුල්ල, මහනුවර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, අවුරුදු 20 – 30 ත් අතර පසුවන තරුණ තරුණියන් බව සදහන් වේ.

මෙම කණ්ඩායමේ කිහිපදෙනකුගේ සම්බන්ධීකරණයෙන් ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තරුණ තරුණියන් මෙම කූඩාරම් ගැසීමට සම්බන්ධවී නකල්ස් රක්ෂිතයට මෙසේ අනවසරයෙන් ඇතුළුවී ඇති බව අනාවරණය වී තිබේ.

මෙම කණ්ඩායම රාත්‍රියේ නකල්ස් රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී මෙසේ කූඩාරම් ගසාගෙන සිට ඇති අතර, සංරක්ෂිත රක්ෂිතය ඇතුළත ගිනි මැල දල්වා සාද පවත්වා ඇති බවත් අඩවි වන නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එමෙන්ම, මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර, විශ්වවිද්‍යාල සිසුන්, ආරක්ෂක අංශයට සම්බන්ධ යැයි කියන පුද්ගලයෙකු සහ පෞද්ගලික අංශයේ රැකියාවල නියුතු පුද්ගලයන්ද සිටියි.

අත්අඩංගුවට ගත් එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෝටි ගණනක රැකියා වංචාවක් . . .

Tue May 14 , 2024
සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට ඊයේ (13 වැනිදා) දන්වා සිටියේය. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 03 හි ස්ථානාධිපති ප්‍රධාන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x