ගාලු කොටුවේ one way නීතිය . . .

ගාල්ල කොටුව තුළ ජූනි 1 වන දා සිට එක් පැත්තකට පමණක් රථ වාහන ධාවනය කිරීම (One way) නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

අද (මැයි 15) පෙරවරුවේ ගාලු කොටුවේ සංචාරකයන්ට සහ ජනතාවට ඇති ගැටලු සොයා බැලීම සඳහා සංචාරයකට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, සංචාරක ගාලු කොටුව තුළට දිනකට රථ වාහන දහස් ගණනක් ඇතුළු වන බව ත් නිසි රථ වාහන සැලැස්මක් නොමැති වීම නිසා දැඩි වාහන තදබදයක් හටගන්නා බැවින් මෙම තීරණය ගත් බව ත් ය.

ගාල්ල වැදගත් සංචාරක උරුමයක් වන අතර එය රැක ගැනීම පළාතේ ආණ්ඩුකාරයා ලෙස තමන්ගේ වගකීමක් බව ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුකාරවරයා තවදුරට ත් සඳහන් කළේ, ගාලු කොටුව තුළ උදේ සහ සවස විශේෂ කණ්ඩායම් දෙකක් යොදවා පිරිසිදු කිරීමට කටයුතු කරන බව ය.

සංචාරකයන්ට සහ ජනතාවට හිතකර අයුරින් කොටුවේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා පොලිසිය ත්‍රිවිධ හමුදාව වෙළෙඳ ප්‍රජාව සහ ප්‍රදේශවාසීන් සහයෝගය ඇතුව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසීය.

ඒ අනුව, ජූනි 1 වන දා සිට සියලු ම රථ වාහන ගාල්ල පැරණි කොටු දොරකඩින් පමණක් ඇතුළු වීම සිදු කර අලුත් කොටු දොරකඩින් පිටවීමට සැලසුම් කර ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

  • Farhan Nizamdeen – Galle
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඩයනා නිල වාහන බාර දෙයි . . .

Wed May 15 , 2024
හිටපු සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිය නිල වාහන තුනක් පසුගිය 10 වැනි සිකුරාදා නිලධාරීන්ට බාර දුන්නාය. මීට අමතරව ලිපි ලේඛන ලබන 21 වැනිදා බාරදීමට නියමිතය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටලුව මත ඩයනා ගමගේ ගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසි කෙරිණ. මේ අනුව ඇය මෙතෙක් රජයෙන් ලබාගෙන ඇති වාහන ඇතුළු සියලු දේපළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x