මෙවර මහනුවර ඇසළ පෙරහැරට බාධාවක් . . .

මෙවර මහනුවර ඇසළ පෙරහැරට අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

ඒ, ඇසළ පෙරහැර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන්.

කෙසේ වෙතත් අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් දම්සිරි බණ්ඩාර කරුණාරත්න කියා සිටියේ, පිංනවල අලි අනාථාගාරයේ සිටින අතිරික්ත පිරිමි සතුන් රජයේ අයිතිය යටතේ පෙරහැර සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

“නැකැත් එකම කාලයේ යෙදීම නිසා පෙරහැරවල් දෙකට ම විශේෂයෙන් මහනුවර පෙරහැරේ අලි ඇතුන්ගෙන් කොටසක් සහභාගී වීම හේතුවෙන් අලි ඇතුන් සොයාගැනීමේ දුෂ්කරතාවයක් මහනුවර දළදා මාළිගාවට වගේම සිව් මහා දේවාලවලට අද මුහුණදීමට සිදුව තිබේ. විශේෂයෙන්ම මේ තත්ත්වය පිළිබඳව රජයේ වගකිව යුතු පිරිසට වරින් වර හීලෑ අලි ඇතුන් සංගමය විසින් දැනුවත් කිරීම් කළා. ජනාධිපතිවරයාවත් දැනුවත් කරලා තියෙනවා.”

මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නීලංග දෑල ගේ ඉල්ලීම පදිරි ඇත්ගොව්වන් පුහුණු කිරීමේ වැඩසටහනක් “නයිටා” ආයතනය මඟින් සූදානම් කර ඇති බවයි.

  • Wayomi

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම් . . .

Thu May 16 , 2024
ජනාධිපතිවරණය පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය ඉදිරි ජූලි මාසයේ නිකුත් කිරීමට සූදානම් කරමින් ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. ජනාධිපතිවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීමෙන් පසු කිසිදු සංවර්ධන කටයුත්තක් කළ නොහැකි බවත් මැතිවරණය අවසන් වන තෙක් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබෙන බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අනුව තම අමාත්‍යංශයට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x