2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21දා පැවැත්වෙන බව ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එමෙන්ම නාමයෝජනා කැඳවීම අගෝස්තු 15 වැනිදා සිදුකිරීමට නියමිතයිි. – aruna

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක රක්ෂිත බන්ධනාගාර ගත කරන අවස්ථාව වනවිට ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොතිබූ බැවින් ඔහු ඕනෑම කොන්දේසියක් සහිතව ඇප මත මුදා හැරීමට පියවර ගන්නා ලෙසත් අභියාචනාධිකරණය අද […]

කර්මාන්ත සඳහා යොදාගන්නා ඉන්ධන ලීටර් මිලියන 1.5ක් ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පිලිපීනය ආසන්න මුහුදේ ගිලී ගොස් තිබේ. ඒ හේතුවෙන් අවට මුහුදු කලාපයේ, විශාල තෙල් පැල්ලම් දක්නට ලැබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ 17 දෙනාගෙන් 16 දෙනෙකුව නිරුපද්‍රිතව බේරාගැනීමට සහන කණ්ඩායම් සමත්ව තිබේ. අතුරුදන් වූ පුද්ගලයා […]

පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබා දීමට නියමිතය. එම […]

ජනාධිපතිවරණය පවත්වන දිනය, නාමයෝජනා භාරගන්නා දිනය ඇතුළු කරුණු ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය හෙට(26) ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. එසේම ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සහ සෙසු ව්‍යවස්ථාපිත කාර්යයන් පිළිබ ඳව විවිධ පුද්ගලයන් හා පාර්ශව විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රකාශ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවේ කිසිදු […]

නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වී තිබේ.  ඔහු අද (25) අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සදහන් කරයි. මියයන විට ඔහු 81 වන වියේ පසුවුණි. වික්‍රමබාහු කරුණාරත්න වාමාංශික දේශපාලනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ අයෙකි. ඔහුගේ අභාවය ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයෙහි එක් පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරනු […]

නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි. අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව 19 දෙනෙක් ගමන්කරමින් සිටි බව සඳහන් ය. අනෙක් 17 දෙනා වෙනත් ගුවන්යානයක් අලුත්වැඩියා කිරීම සඳහා පොකාරා ගුවන්තොටුපොළ වෙත යමින් සිටි සෞර්යා ගුවන්සේවයේ සේවක පිරිසකි. සහන […]

බඹර කූඩුවකට උකුස්සන් කෙටීමෙන් පසු බඹරු ඇවිස්සී පාසල් සිසුවකුට හා දෙමාපියන් කිහිපදෙනකුට දෂ්ට කිරීම හේතුවෙන් මඩිතියවල ප්‍රාථමික විද්‍යාලය ඊයේ (23 වැනිදා) පෙරවරුවේ වසා දමා පාසල් දරුවන් නිවෙස්වලට යැවීමට පියවර ගෙන තිබේ. පාසලට යාබද ඉඩමක කිතුල් ගසක තිබු බඹර කූඩුවක් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින අවස්ථාවක මෙලෙස උකුසු ප්‍රහාරය එල්ල […]

වතුර ටැංකියක සඟවා තිබූ දෙකෝටි දාහතර ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් කිලෝවකට වැඩි ප්‍රමාණයක් මිනුවන්ගොඩ අලුතෑපොළ ප්‍රදේශයේදී සිය බාරයට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. දැනට අත්අඩංගුවට පත්ව සිටින දාගොන්නේ අවිශ්ක නොහොත් කිරි පුතා නැමැත්තා විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම මත්ද්‍රව්‍ය තොගය  ඩුබායි රාජ්‍යයේ සිට […]

ජනාධිපතිවරණය සඳහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හැර වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික්ක 12ක නායකයෝ තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග පවසන ආකාරයට ජූලි 22 වන දා රාත්‍රී කොළඹ මලලසේකර මාවතේ රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිවසේ මේ සම්බන්ධයෙන් විශේෂ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.