රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. ඒ අනුව එහි පළමු කණ්ඩායම මෙම මස අවසානයේ ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. විශ්‍රාමික හා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ […]

2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බව රජය පවසයි. ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම වර්ෂය ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට නියමිත වර්ෂයක් බවත්, මීට පෙරද එවැනි අවස්ථාවලදී මේ ආකාරයෙන් අතුරු […]

ඇපලෝ 8 මෙහෙයුමේදී අතිශයින් ප්‍රසිද්ධියට පත් ඡායාරූපයක් වන ‘පෘථිවි උදාව’ හෙවත් අර්ත් රයිස් ඡායාරූපය ලබාගත් ගගනගාමියා ගුවන් අනතුරකින් මියගොස් ඇත. විදෙස් වාර්තා සඳහන් කළේ 90 හැවිරිදි වියේ පසුවූ බිල් ඇන්ඩර්ස් පදවමින් තිබූ කුඩා ගුවන් යානය වොෂින්ටනයේ සියැටල් නගරයට උතුරින් වූ ජෝන්ස් දූපත ආසන්නයේදී මුහුදට කඩාවැටී ඇති බවයි. මීට වසර 50කට […]

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවට සෑම සතියකදීම අවදානම් ගස් සම්බන්ධව පරීක්ෂා කරන ලෙස ඉල්ලා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලිපි හතරක් පමණ ලැබෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ලැබෙන ලිපි අනුව අදාළ ගස් පරීක්ෂා කිරීමට නිලධාරීන් යොදවන බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා ජයවීර පැවසුවාය. ‍මෙලෙස වැඩි වශයෙන්ම පැමිණිලි ලැබෙන්නේ විහාරස්ථානවල තිබෙන බෝ […]

චීවරධාරියෙකු විසින් සිදු කළ පහරදීමකින් 72 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ. ගිරිඋල්ල කජුලන්දවත්ත මාරවිල ප‍්‍රදේශයේදී සිදුව ඇති පහරදීමකින් පසු තුවාලකරු දඹදෙණිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත. සැකකාර චීවරධාරියා විහාරස්ථානයක වාසය නොකර තම මවගේ මාරවිල ප්‍රදේශය පිහිටි නිවසේ වාසය කරන අයෙකි. එමෙන්ම අධික මත්පැන් පානය සඳහාද ඇබ්බැහි […]

ඩෙන්මාර්ක අගමැතිනිය මෙට් ෆ්‍රෙඩ්රික්සන් ට කෝපන්හේගන්හිදී පුද්ගලයෙකු පහරදී තිබේ. සිද්ධියෙන් පසු ඩෙන්මාර්ක අගමැතිනිය කම්පනයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. සිකුරාදා කෝපන්හේගන්හි වීදියකදී පහර දීම සිදුව ඇත. වීදියේ රැඳී සිටි අයෙක් ඇය වෙත ගොස් උරහිසට පහර දී ඇති අතර පහර දුන් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය […]

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යළිත් වරක් පත්කර ඇත. ජනාධිපත් රනිල් වික්‍රමසිංහ ගේ අනුමැතිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට මාස 06 ක කාලයක් සඳහා පත් කර ඇති අතර ඒ බව ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනය ඊයේ (07) රාත්‍රීයේ නිකුත් කෙරිණී. ජූනි මස පළමු වැනිදා සිට […]

අවුරුද්දක් ඇතුලත රටේ ණය බර ඩොලර් බිලියන 17කින් වැඩි කරලාල දැන් රට ගොඩදාලා කියලා ආණ්ඩුව කියන කතා හොඳයි කොණ්ඩේ බැඳපු චීන්නුන්ට’ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී. “රට ආර්ථික වශයෙන් බංකොලොත් කියපු වෙලාවේ රටේ දේශීය සහ විදේශීය ණය ඩොලර් බිලියන 83යි. […]

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පි­යකු වූ ගුණ­සිරි කොළ­ඹගේ මහතා අවු­රුදු 85ක් ආයු වලඳා පෙරේදා (6) රාත්‍රියේ අභා­ව­ප්‍රාප්ත විය. බෞද්ධ සිතු­වම් කලාවේ මෙන්ම මෙරට ප්‍රචා­රණ මාධ්‍ය ක්ෂේත්‍ර­යේද ප්‍රවී­ණ­යකු වූ ඒ මහතා ලංකාවේ දැන්වීම් කලාව වෙත යොමු වෙමින් නිද­හස් ශිල්පි­යකු ලෙස කට­යුතු කර ඇත. 1954 වසරේ සිට 1959 වසර දක්වා වූ එච්.බී. […]

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (08) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. උතුරු සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.