දික්කසාද නීතිය මුළුමනින් ම ඉවත් කර ‘වරදක් නැති දික්කසාද’ (no fault divorce) නමින් නව නීතියක් හඳුන්වා දෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (ජූලි 23) පාර්ලිමේන්තුවේදී ය. ‘වරදක් නැති දික්කසාද’ නව පනත් කෙටුම්පත සකස් කර අවසන් […]

මහනුවර වෛද්‍යවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින්  ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශ⁣පාළන සන්ධානයක් පිහිටුවා ගත්තේය. මෙම නව සන්ධානයේ සභාපති වෛද්‍ය මංගල කුමාර සහ ලේකම් ජයලාල් නිශ්ශංක  කටයුතු කරයි. අපේ සන්ධානය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව මහනුවර ඩෙවෝන් ශාලාවේ දී අද පැවැත්විණි. එහිදී අදහස් දක්වමින් […]

කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලා, උපාධි පාඨමාලා තත්ත්වය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. කටුනායක, තාක්ෂණඥයින් පුහුණු කිරීමේ ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීම් අධිකාරිය යටතේ 1985 දී ආරම්භ කරනු ලැබ ඇති අතර, එය 2006 වසරේ සිට ඉංජිනේරු තාක්ෂණ ආයතනය ලෙස ස්ථාපිත කරනු ලැබ ඇත. එම ආයතනය […]

සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී යෝජිත සමරිසි පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ දැඩි අප්‍රසාදය පළ කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ලිපියක් යොමු කළහ. තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මල්වතු පාර්ශ්වයේ මහානායක, වරකාගොඩ ශ්‍රී ඤාණරතන   අස්ගිරි පාර්ශවයේ මහානායක, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති  අමරපුර මහා සංඝ සභාවේ මහානායක සහ මකුලෑවේ ශ්‍රී විමල   ශ්‍රී ලංකා රාමඤ්ඤ […]

අප්‍රිකා රාජ්‍යයක් වන ඉතියෝපියාවේ සිදුවුණු නායයෑම් දෙකකින්, දෙසිය තිස් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. නායයෑම් හටගත්තේ නොකඩවා ඇද හැලුණු මහ වැසි හේතුවෙනි.  මියගිය දෙසිය තිස් දෙදෙනා අතරේ, කාන්තාවන් 84 දෙනකු සිටින බව ද පැවැසෙයි. නායයෑම් දෙකම සිදුවූයේ එකම ස්ථානයේය. නායයෑමට හසුවූයේ ගෝෆා නමැති පිටිසර ප්‍රදේශයේ ගම්මානයකි. පළමු නායයෑමෙන් ගම්මානයේ නිවාස රැසක් […]

ජනතා මුදල් රුපියල් කෝටි 350කට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල “රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්” (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ තිදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය. “R3F” පිරමීඩාකාර සමාගමේ මෘදුකාංගය (ඇප් එක) නිර්මාණය කළ  […]

වතු කම්කරුවෙකුගේ (තේ සහ රබර්) දෛනික අවම වැටුප රුපියල් 1700 බව සඳහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරන ලදී. කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් […]

පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් ගේ පොලිස්පති ධූරයේ කටයුතු  අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරුතහනම්  නියෝගයක් නිකුත් කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා  ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය […]

බේරේ වැව, කුරුලු දූපත පිහිටි ඉඩම් කොටස සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව වෙත දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2000 වර්ෂයේදී කොළඹ නගර සංවර්ධන සැලැස්මේ කොටසක් ලෙස බේරේ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නිරිතදිග බේරේ වැවේ පිහිටි පර්චස් 143 ක් පමණ […]

මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය (රන්මිණිතැන්නට) රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පවත්වා ගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය -පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිර්දේශ ලබා ගැනීමට 2023-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.