කොළඹ නගරය ආශ්‍රිත ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් බව ත් අගෝස්තු මාසය වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන බව ත් කොළඹ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ සරත් බණ්ඩාර පවසයි. ව්‍යාපෘතියේ පෙරහුරු පරීක්ෂණ ජූනි 5 වන දා සිට ආරම්භ කර ඇති අතර 2014 වසරේදී එවකට පැවති ආරක්ෂක හා […]

කොළඹ අගනගරය ඇතුළු තදාසන්න ප්‍රදේශයවල ජල ගැලීම්වලට හේතුවන අනවසර ඉදිකිරීම් සියල්ල කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය. ඊට අදාළ චක්‍රලේඛය සති දෙකක් ඇතුළත සියළුම රාජ්‍ය ආයතන වලට ලබාදෙන බවද ඔහු […]

බස්නාහිර පළාතේ ගංවතුර තත්ත්වය පාලනය කිරීම සදහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,482 ක් වෙන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. බස්නාහිර පළාතේ ගංවතුර තත්වය පාලනය කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසිනි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ එම ප්‍රතිපාදන යොදා ගනිමින් බස්නාහිර පළාතේ […]

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ පිහිටි ඓතිහාසික ඇහැළේපොළ වලව්ව දළදා මාළිගාව බාර නොගන්නේනම් එය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදාගැනීම සඳහා  ඇමති මණ්ඩල අනුමැතිය ලබාගැනීමට  කැබිනට් පත්‍රිකාවක් සකසන්නැයි  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. ඇහැලේපොළ වලව්ව ආයෝජන ව්‍යාපෘතියක් ලෙස යෙදවීමේ දී එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවය […]

අඩු ආදායම්ලාභීන්ට , කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා  චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදල ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. ලබන මාසයේදී චීනයේ බීජිං නුවරදී පැවැත්වෙන “සහයෝගීතාවය සඳහා වන මාර්ග මුල පිරීම” (BRI) සමුළුව අතරතුරදී අදාල ගිවිසුම අත්සන් කරන […]

ඉපැරණි ගොඩනැගිලි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි නවීකරණය කර ආයෝජන  සදහා ලබා දීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ජෝර්ජියාවේ ශ්‍රී ලංකා කොන්සල් Nino Makhviladze ඇතුළු ජෝර්ජියානු ආයෝජකයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මෙම […]

  අඩු ආදායම්ලාභී නිවාස 25000ක් සඳහා සූර්ය පැනල නොමිලයේ ලබාදීමේ ක්‍රියාවලිය කැබිනට් අනුමැතිය ලැබුණු පසුව ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ එමගින් මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්තියක් ජාතික විදුලිබල පද්ධතියට එකතු  කිරීමට අපේක්ෂා කෙරෙන බවයි. මෙම ව්‍යාපෘතිය පළමුව අදියර […]

එල්.ටී.ටී.ඊ යුධමය තත්ත්වය හේතුවෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන්ව සිටි පවුල් 273,498 න් පවුල් 271,171 ක් මේ වනවිට නැවත එම ප්‍රදේශවලම පදිංචි කර අවසන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ නැවත පදිංචි කිරීමේ අංශය පවසයි. එම අංශයේ වාර්තා අනුව තවදුරටත් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කිරීමට ඇත්තේ පවුල් 2,327ක් බව […]

රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට ඇති මුදල් අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.  ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ඒ සඳහා ලබා දීමට අපේක්ෂිතයි. ඉතිරි හිඟ මුදල් සියල්ලම ලබන වසරේ මුල් කාර්තුව තුළ […]

රාජ්‍ය ආයතන බොහෝමයක් කඩා වැටීමට හේතුව ආයතනයේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගෙන එකිනෙකාට චෝදනා කර ගැනීම බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සදහන් කළේය. ආයතනයේ ප්‍රශ්න ⁣පිටට නොදී ආයතනය  ඇතුළතදීම විසඳා ගැනීමට සියලුම පාර්ශවයන් උත්සහ ගත යුතු බව ඔහුද පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.