නෙළුම් කුළුණ මාර්කට් කර ආර්ථික අර්බුදයෙන් රට ගොඩගත හැක . . .

රාජ්‍ය ආයතන බොහෝමයක් කඩා වැටීමට හේතුව ආයතනයේ ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා නොගෙන එකිනෙකාට චෝදනා කර ගැනීම බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු සදහන් කළේය. ආයතනයේ ප්‍රශ්න ⁣පිටට නොදී ආයතනය  ඇතුළතදීම විසඳා ගැනීමට සියලුම පාර්ශවයන් උත්සහ ගත යුතු බව ඔහුද පැවසීය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මේක සියලුම දෙනාට අභියෝගාත්මක කාලයක්. රට ආර්ථිකමය වශයෙන් දැඩි පසුබෑමකට ලක්වෙලා. ජනතාව ජීවන බරින් හෙම්බත් වෙලා ඉන්න කාලයක්. අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. මේ අර්බුදකාරී අවස්ථාවේ අපි ඉවසීමෙන් කටයුතු කරන්න ඕන. මේ වෙලාවෙ ඉවසීමෙන් වැඩ නොකලොත් ප්‍රශ්න තවත් වැඩි වෙනවා. අපි සියලුම දෙනාට තියෙන්නේ එකම බලාපොරොත්තුවයි. ඒ එක්ව නැගිටීමයි. අපි සමගියෙන් වැඩ කළොත් මේ අර්බුද ජය ගැනීම එතරම් අමාරු නැහැ. හැම ආයතනයකම පුංචි පුංචි ප්‍රශ්න තියෙනවා. ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුයි. අපේ ප්‍රශ්න අපි පිටට කියන්න ගියොත් අමාරුවේ වැටෙන්නේ අපිමයි. ඇතුළත ගිණි පිටට නොදී අපිම නිවා ගන්න උත්සහ ගනිමු. වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට අපි ඇහුම්කන් දෙනවා. ඒ ඉල්ලීම් ඉටු කරන්නත් අපි කටයුතු කරනවා.

රට මුහුණදී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න මහා භාණ්ඩාගාරයෙන් සල්ලි ඉල්ලන්න බැහැ. අපේ ආදායම අපිම උපද්දවා ගන්න ඕන. ඒ සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට සුවිශේෂී වැඩ කොටසක් කරන්න පුළුවන්. මේ ආයතනය මැදිහත් වෙලා රටට එක ඩොලරයක් හරි ගේන්න වැඩපිළිවෙළක් සකසන්න පුළුවන්නම් ඒක තමයි අපේ සාර්ථකත්වය. ලංකාව ඉදිකිරීම් කේෂ්ත්‍රයෙන් ඉදිරියෙන්ම සිටි රටක්. අපි වරායන් හැදුවා. ගුවන්තොටුපළක් හැදුවා. නමුත් අපිට ඒක මාර්කට් කරන්න බැරිවුණා. අපිට වැරදුණේ එතනයි. දැන් නෙළුම් කුළුණට බනිනවා. අපි හරියට නෙළුම් කුළුණ මාර්කට් කර ගත්තොත් එය ආර්ථිකමය වශයෙන් රටට ගොඩක් වාසි වේවි. මේ අමාත්‍යංශයේ කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇමතිතුමා අපිට බලය දුන්නේ වැඩ කරන්න. ආයතනයක් සාර්ථකව පවත්වාගෙන යන්නනම් අපි එක පවුලක් වගේ වැඩ කරන්න ඕන. එහෙම නොවුනොත් අපිත් ඉවරයි. ආයතනයත් ඉවරයි. රට ගොඩගත හැක්කේ එක්ව වැඩ කිරීමෙන් පමණයි” යැයි ⁣ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනිල් විජේසිරි, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය සොහාන් විජේසේකර, ක්‍රියාකාරී අධ්‍යක්ෂ යූ.එස්. අබේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මාධ්‍ය ඒකකය

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කිසිදු ගුවන් යානයක් අයිති නැත . . .

Fri Sep 23 , 2022
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ මාසිකව රුපියල් මිලියන 100 ක පාඩුවක් ලබන බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය. ආයෝජකයෙකු එහි ආයෝජනය කිරීමට කැමති නම් රජය සලකා බලන බවත් ඔහු පාර්ලිමේන්තුවේදී සදහන් කලේය. කොරෝනා වසංගතය සහ රට පුරා පැතිර යන විරෝධතා වැනි හේතු හේතුවෙන් ගුවන් ගමනාගමනයේ අඩුවීමක් සිදුව ඇති බවද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x