රජයේ කොන්ත්‍රාත්කරුවන්ගේ හිග මුදල් කඩිනමින් ගෙවා දැමීමට අවධානය යොමුවේ . . .

රජයේ කොන්ත්‍රාත්කරුවන් සඳහා ගෙවීමට ඇති මුදල් අදියර කිහිපයක් යටතේ කඩිනමින් ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.  ඒ අනුව මේ වසර අවසන් වීමට පෙර රුපියල් බිලියන 20 ක මුදලක් ඒ සඳහා ලබා දීමට අපේක්ෂිතයි. ඉතිරි හිඟ මුදල් සියල්ලම ලබන වසරේ මුල් කාර්තුව තුළ ගෙවීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බවද ප්‍රසන්න රණතුංග කියයි.

මීට අමතරව ඉදිකිරීම් කර්මාන්තයේ නියුතුවූවන්ට සහන ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කර තිබේ. එම කමිටුව මෙම සතියේ දී රැස්වී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පවසයි. මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ඍජු සහ වක්‍ර රැකියාවල ලක්ෂ 10 ට ආසන්න පිරිසක් නියුතුවෙති. කොවිඩ් වසංගතය ව්‍යාප්තියත් සමඟ ඇතිවූ ආර්ථික අර්බුද හේතුවෙන් මෙරට ඉදිකිරීම් කර්මාන්තය දැඩි පසුගාමීත්වයකට ලක්විය. එම ආර්ථික අර්බුදය හේතුවෙන් ආනයන සීමා කිරීම්, සැපයුම් ප්‍රවාහන ප්‍රමාදය, බැංකු පහසුකම් සීමා කිරීම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන මිල ඉහළ යෑම, ඉදිකිරීම් ද්‍රව්‍ය හිඟවීම වැනි කරුණු හේතුවෙන් ඉදිකිරීම් කර්මාන්තය මෙන් ම අනෙකුත් ප්‍රමුඛ ව්‍යාපෘතීන්වලට දැඩි බලපෑම් එල්ල විය. මේ තත්වය නිසා කොන්ත්‍රාත්කරුවන්ට රජයේ ආයතන මඟින් ගෙවීමට ඇති රුපියල් බිලියන 122 ක මුදුලක් ගෙවීම ප්‍රමාද වී තිබේ.

එහෙත් ඉන්දීය ණය ආධාර වැඩසටහන යටතේ ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍යයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය මූල්‍යමය පහසුකම් ලබාගැනීමට ඉදිරියේ දී මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. එමෙන්ම පවතින අර්බුදකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇළුමීනියම්, යකඩ, පී.වී.සී බට, වයර්, ටයිල් ආදී අමුද්‍රව්‍ය මිල වෙළඳුන් විසින් අසීමාන්තිකව ඉහළ දමා ඇත. අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කරන්නේ එම උපාංගවල මිල පහළ දැමීමට අමාත්‍යාංශ මට්ටමින් මැදිහත් වීමට කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව සිමෙන්ති, යකඩ, ටයිල්, සෙරමික්, ඇළුමීනියම් උපාංග වැනි අත්‍යාවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය පහසුවෙන් වෙළඳපොලෙන් ලබාගැනීමට හැකිවන පරිදි සී/ස ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව මඟින් ආනයනය කර බෙදාහැරීමටත් කටයුතු කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග වැඩිදුරටත් සඳහන් කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල අසීමිත ඉහලට . . .

Wed Oct 26 , 2022
ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට අදාළ භාණ්ඩවල මිල ගණන් එම සමාගම්වලින් අසීමිත ලෙස ඉහළ දමා ඇති බව ත් රාජ්‍ය නිලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව බලා සිටින බව ත් ජාතික ඉදිකිරීම් සේවක සංගමය චෝදනා කරයි. අමුද්‍රව්‍යවල පින්තාරු මිල 400% කින් ඉහළ ගොස් ඇති බවත් රුපියල් 750/= තිබූ තීන්ත ලීටරයක මිල මේ වනවිට රුපියල් 4,215/= ක් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x