ප්‍රදේශ රැසකට තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව, ගාල්ල සහ මධ්‍ය මාතර දිස්ත්‍රික්කවලත්) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්‍රික්කවල සමහර ස්ථාන වලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

උතුරු පළාතේත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

දිවයින සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රියේදී යම් යම් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මධ්‍යයේත් විට හමන තද සුළං (පැ.කි.මී. (40-50)) ඇති බව දැනගත හැකි ය.

ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

The post ප්‍රදේශයේ රසකට තද වැසි appeared first on Aruna.

Next Post

වැසි තත්ත්වය දිගටම පවතී; ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ තද වැසි

Sat May 14 , 2022
දිවයිනේ නිරිත දිග කොටසේ (බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.