කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 12වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන Holistic Holdings නම් ආයතනය විසින් කැනඩාවේ මූල්‍ය ක්ශේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි […]

වැලිකඩ පොලිස් වසමේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ආයතනයක සේවය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය අපේක්ෂා කරයි. අදාළ ආයතනය මඟින් එංගලන්තය සහ පෝලන්තය යන විදේශ රටවල රැකියා ලබදෙන බව පවසා විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් 17,500,000කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අවශයව සිටින සැකකරුවෙක් බව පොලීසිය පවසයි. […]

රජය වෙත ලැබෙන විදේශ රැකියා අවස්ථාවන්ගෙන් සියයට 25ක් විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි. ඒ අනුව එහි පළමු කණ්ඩායම මෙම මස අවසානයේ ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. විශ්‍රාමික හා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගැන්වූ හමුදා සාමාජිකයන්ගේ […]

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ  විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි. කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම, වලංගු රැකියා ඇනවුමක් නොමැතිව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීම, සංචාරක වීසා මගින් තැනැත්තන් විදේශ රැකියා සඳහා යොමුකිරීම ආදී පැමිණිලි […]

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ වෙනත් යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි සඳලංකාව ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව […]

ප්‍රවීණ රංගන ශිල්පී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමෙන් අනතුරුව ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර […]

ජාත්‍යන්තරය පිළිගත් ඩිප්ලෝමා අධ්‍යාපන ආයතනයක් බව හඟවා ,පාඨමාලා හැදෑරීමෙන් අනතුරුව ලබා දෙන සහතිකයට විදේශ රැකියාවක් ද ලබාගත හැකි බව පවසමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ එහි අධ්‍යක්ෂිකාවක් බව කියන කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය කියයි. අධ්‍යක්ෂවරයෙකු බව හඟවමින් සිටි පුද්ගලයෙකු සිද්ධියත් සමඟ පලා ගොස් ඇත. […]

නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මුදල් වංචාවක් සම්බන්ධයෙන් අද (30) අත්අඩංගුවට ‌ගෙන තිබේ. අලුත්ගම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකරු කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. විදේශ රටවල රැකියාවට යවන බව පවසමින් රුපියල් ලක්ෂ තිස් තුනකට අධික මුදලක් වංචා කර ඇති බවට පැමිණිල්ලේ සඳහන් බව […]

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය 16 වන දින එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. රාජගිරිය, කලපළුවාව, බුත්ගමුව පාරේ පදිංචි සලාහුදීන් […]

ශ්‍රී ලංකාවට රටවල් 41 කින් රැකියා බලපත්‍ර ලක්‍ෂ 12 කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවත් මෙම වසර තුළ මෙරට ශ්‍රමිකයන් ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් විදේශගත කිරීමට බලාපොරොත්තු වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය. මෙම රැකියා බලපත්‍ර සඳහා ශ්‍රමිකයන් යොමුකිරීමේදී වෘත්තිය කුසලතා සහ භාෂා හැකියාව යන අවශ්‍යතා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.